“අපි හම්බකරපු හැම සතයක්ම අපි අනුරට දුන්නා සල්ලි විතරද නෑ අපි අපේ ඡන්දයත් දුන්නා …” අනුර දැන් උබ මොකද කියන්නේ!
'AKD ආණ්ඩුව'
සම්පූර්ණ කාලයම හිටියොත්
යාපනයේ තිලීපන් අනුස්මරණ ස්මාරකය ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේ සිටින කොටි ත්රස්තවාදීන් විරෝධතාවක නියැලුනා. ඔක්තෝබර් 3 දා මෙම විරෝධතා පාගමන ’10 ඩව්නින් ස්ට්රීට්’ (10 Downing Street) අසලින් ආරම්භ වී එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය (FCDO) දෙසට ගමන් කළ බවයි වාර්තා වන්නේ.
මෙට්රොපොලිටන් පොලිසියට අනුව, මෙම විරෝධතාව සඳහා 7,000ත් 10,000ත් අතර පිරිසක් සහභාගී වී ඇතැයි ගණන් බලා ඇත.ස්මාරකය ඉවත් කිරීමට එරෙහිව සිය විරෝධය පළ කළ විරෝධතාකරුවන්, මෙම ගැටලුව බ්රිතාන්ය රජයේ අවධානයට යොමු කරන ලෙස ඉල්ලා සිටියහ.
එහිදි අදහස් දැක්වු එම විරෝධයට එක්වු කිහිප දෙනෙකු සදහන් කළේ තමන් අමාරුවෙන් හම්බකරගත් මුදල් අනුර ජනාධිපතිවරයා කිරිම සදහා ඩයස්පොරාව හරහා ලබාදුන් බවයි …
“අපි හැමදේම කලේ අපේ රට වෙනුවෙන් ඊළම වෙනුවෙන් එක දැන් සමහරු අමතක කරන්න හදනවා – සෙන්තිල් (Senthil)”
“පොලිසිය අපේ වීරයාගේ ප්රතිමාව අරන් ගියා අනුර මොනවාද කලේ .. එයා මෙක අපහු ගෙනල්ලා තියන්න ඔනේ ..එහෙම නැති වුනොත් එයාට වෙන්නේ ගොඩාක් අයට උන දේම තමයි – තිරුචෙල්වම් කාර්තිකේසන් (Thiruchelvam Karthikesan)”
“එයා (අනුර ) සල්ලි ගන්නක්ම් සෙබළා.. සෙබළා කිව්වා සල්ලි අරන් ජනාධිපති උනාම එයාට ආපහු රණවිරුවන් උනා … අපේ මිනිස්සු කොටියා උනා … එහෙම බෑ සල්ලි ගත්තා නම් අපේ අයිතිය අපිට දෙන්න ඔනේ – තම්බිරාජා කජේන්ද්රන් (Thambirajah Gajendran) “
“මේක අපේ රට අපේ රට ඊළම එක උදුරාගන්න කාටවත් බෑ … අනුරට කොහෙත්ම බෑ අපි හම්බකරපු හැම සතයක්ම අපි අනුරට දුන්නා සල්ලි විතරද නෑ අපි අපේ ඡන්දයත් දුන්නා … නැත්නම් එයාට දින්න බෑ .. ඡන්ද කාලේ එයාලගේ UK වල ඉන්න කට්ටිය මොනවාද ඇවිලා කිව්වේ අපි ඔයාලාගේ නිජබිම දෙන්නම් කියලා .. එයාලා ලිඛිතව දුන්න කොල අපි ගාව තියෙනවා .. සෙල්වනායගම් අභිරාමි (Selvanayagam Abirami) “









