සජිත් වහාම ගෙදර යනු! විපක්ෂ නායක ධුරය වගකිම් දැරිය හැකි අයෙකුට දෙනු!
රටේ ජනතාව තව දුරටත් දැඩි අපහසුතාවයට පත් කිරීමෙන් වැලකී වහාම විපක්ෂ නායක දැරීමට සුදුසු අයකු වෙත පවරා වහාම ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගන්නා ලෙස විනිවිද පදනමේ මහා ලේකම් නාගානන්ද කොඩිතුවක්කු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. එම නිවේදනයේ දැක්වේන්නේ ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරිමේ වගකීම සජිත් ප්‍රේමදාස විසින් චේතනාන්විතව පැහැර හැර ඇති බවයි.
දූෂණ අපරාධ චෝදනා රැසක් එල්ලවී ඇති අගවිනිසුරු සුරසේනට නීති විරෝධීව වසර 2 ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපති වංචනිකව ඉදිරිපත් කල 22 වන ව්‍යවස්ථා සංශෝධනය
මෙම ව්‍යවස්ථා සංශෝධනය මුල පටන්ම නීති විරෝධී බවත්, ව්‍යවස්ථා විරෝධී බවත්, ඔබ දැන සිටියට එය පරාජය කිරීමට කිසිම පියවරක් ගැනීම, ඔබ දිගින් දිගටම චේතනාන්විතව පැහැර හරින ලද බව රටේ ජනතාවට පැහැදිළිය. එයට ප්‍රධානම හේතුව රාජ්‍ය බලය දරන අවධියේ ඔබ විසින් සිදු කරන ලද දුෂණ අපරාධ රැසක් පිලිබඳ තොරතුරු ජනාධිපති අනුර දිසානායක අතට පත්වීම බවත්, එහෙයින් ඔබ අසරණ වී ඇති බවත් නොදන්නා අයකු නැති තරම්ය.
විපක්ෂ නායක වශයෙන් මේ අවස්ථාවේ ඔබට බරපතළ වගකීමක් පැවරී තිබුනද පෙර වැරදි නිසා ඔබට කිසිවක් කර කියා ගත නොහැකි නම් ඔබ වහාම කල යුතුව තිබුනේ ධුරයෙන් ඉවත්වී විපක්ෂ නායක ධුරයේ වගකීම සෘජුව ඉටුකළ අයකු වෙත පැවරීමය. එම වගකීමද ඔබ මේ මොහොත දක්වාම පැහැර හරින ලදී.
එහෙයින් ඩොලර් මිලියන 999 ක එක්ස්ප්‍රස් පර්ල් වන්දි වංචාව ඇතුළුව බරපතළ දුෂණ අපරාධ චෝදනා රැසකට මැදිවී සිටින, අධිකරණයට අපහාස කරමින් තව දුරටත් ධුරයේ රැඳී සිටින, අගවිනිසුරු පද්මන් සුරසේන විධායක ජනාධිපතිගේ ග්‍රහණයට පත්වී, ජනතාවගේ අධිකරණ බලය ජනතාවට අහිමි කර ඇති මෙම දුෂ්කර අවස්ථාවේ, රටේ ජනතාව තව දුරටත් දැඩි අපහසුතාවයට පත් කිරීමෙන් වැලකී වහාම විපක්ෂ නායක දැරීමට සුදුසු අයකු වෙත පවරා වහාම ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගන්නා ලෙස විනිවිද පදනම මෙයින් ඔබ වෙත අවධාරණය කෙරෙයි.

