නලින්දලාගේ කයිය විතරයි! පිළිකා රෝගී ජීවිත අනතුරේ!
පිළිකා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සඳහා ලබාදෙන විශේෂ එන්නතක් නොමැති වීමෙන් රෝගීන්ට ජීවිතයත් මරණයත් අතර සටනක නියැළීමට සිදුව ඇතැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
පිළිකා රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීම සඳහා ලබාදෙන Neup, Neupogen, Gcadf, Filgastrin නම්වලින් හඳුන්වන මෙම එන්නත මේ වනවිට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළම නොමැති බවද වෛද්‍යවරයා සඳහන් කරයි.
පිළිකා වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අතරතුර රෝගියාගේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිකරමින් ආසාදනවලින් බේරීම සඳහා මෙම ඖෂධය ලබාදෙන අතර ඉන් ශරීරයේ සුදු රුධිරාණු මට්ටම ඉහළ නංවන බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.
G‑CSF එන්නත් නැතිවීමෙන් පිළිකා රෝගීන්ට ඇති වන තත්ත්වය
Neupogen/Filgrastim වැනි ඖෂධ ශරීරයේ සුදු රුධිරාණු (WBC) ඉහළ නැංවීමට භාවිතා කරයි.
පිළිකා ප්‍රතිකාර (chemotherapy) අතරතුර WBC අඩුවීමෙන් රෝගීන් ආසාදන වලට ඉතා පහසුවෙන් ගොදුරුවෙයි.
මෙම ඖෂධ එන්නත ආනයනයේදී මතුවූ ගැටලුවක් මත එම ඖෂධ තොග වෛද්‍ය සැපයුම් ඒකකයට භාරගත නොහැකි තත්ත්වයක් පවතින බව වාර්තා වී ඇති බවත් ජීවිත ආරක්ෂක පිළිකා රෝගයට ලබාදෙන ඖෂධවල අඛණ්ඩ සැපයුමක් ලබාදීමට පසුගිය වසර දෙකකට ආසන්න කාලයක් පුරා සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත්ව ඇති බවටත් වෛද්‍යවරයා චෝදනා කරයි.
දැනට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ සහ පුද්ගලික අංශයේ ද පිළිකා ඖෂධ ගණනාවක හිඟයක් පවතින බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
රෝගීන්ට රජයේ රෝහල්වල ඖෂධ නොලැබීම නිසා අනුමත නොකළ, ගුණාත්මකභාවය සැක සහිත ඖෂධ අධික මිලට මිලදී ගත යුතු තත්ත්වයක් හටගෙන ඇති අතර ඒ වෙනුවෙන් දළවශයෙන් Rs. 500,000කට වැඩි මුදලක් මාසිකව වැය කිරීමට සිදුවන බවද වාර්තා වේ.
