සෞදී අභ්යන්තර කටයුතු අමාත්යාංශය නිකුත් කළ නිවේදනය මෙන්න. නඩු තීන්දුත් නෑ! නීතිඥයන් සිටියාද දන්නෙත් නෑ! සෞදියේදී බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකුට මරණ දඬුවම දීමෙන් පසු රාජ්යතාන්ත්රික අර්බුදයක්! අනෝජන්ට කුමක් වෙයිද!
'AKD ආණ්ඩුව'
සම්පූර්ණ කාලයම හිටියොත්
සෞදි අරාබියේ මක්කා අල්-මුකර්රමා ප්රදේශයේදී බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකුට මරණ දඬුවම ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් සෞදී අභ්යන්තර කටයුතු අමාත්යාංශය නිල නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව “නිවැරදි මාර්ගය වෙත මඟපෙන්වන්නේ අල්ලාහ් පමණි.” යනුවෙන් එම රජයේ අන්තවාදී දැක්ම බරපතල ලෙස පෙන්වා දී තිබේ.
එහි ඉතාම බැරෑරුම් සටහන වන්නේ “විශේෂයෙන්ම මුස්ලිම් පල්ලිවල පූජනීයත්වය උල්ලංඝනය කරන සහ ආගමික සංකේතවලට අපහාස කරන පුද්ගලයන්ට එරෙහිව ෂරියා නීතියේ විධිවිධාන ක්රියාත්මක කිරීමට රජය පසුබට නොවන බව” එම නිවේදනයෙන් පෙන්වා දී තිබිමයි. මන්ද අනෝජන් සිවරසා සම්බන්ධයෙන් ඔක්තෝබර් 17 වැනිදා සිදුවු අධිකරණ ක්රියාවලිය තවමත් රහසක් විමයි.
බංග්ලාදේශ මාධ්ය ආයතන කිහිපයක් වාර්තා කර ඇත්තේ, එම පුද්ගලයන් දෙදෙනාගේ හිස ගසා දැමීමෙන් මරණ දඬුවම ක්රියාත්මක කර ඇති බවයි.කෙසේවෙතත් බංග්ලාදේශ බලධාරීන් පවසන්නේ මෙම නඩුවේ අධිකරණ තීන්දුවේ පිටපතක් පවා තම රජයට මෙතෙක් ලැබී නොමැති බවයි.

සෞදි අරාබියේ මක්කා අල්-මුකර්රමා ප්රදේශයේදී බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකුට මරණ දඬුවම ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් අභ්යන්තර කටයුතු අමාත්යාංශය නිකුත් කළ නිවේදනය
ජෙඩා, හිජ්රි 1448 ජුමාදා අල්-අව්වල් මස 03 වැනිදා, ක්රිස්තු වර්ෂ 2026 ඔක්තෝබර් 14 වැනිදා.
මක්කා අල්-මුකර්රමා කලාපයේදී අපරාධකරුවන් දෙදෙනෙකුට එරෙහිව නියම කර තිබූ මරණ දඬුවම ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබියේ අභ්යන්තර කටයුතු අමාත්යාංශය අද නිල ප්රකාශයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
සර්වබලධාරී අල්ලාහ් මෙසේ ප්රකාශ කර ඇත.
“භූමිය නිවැරදි තත්ත්වයට පත් කිරීමෙන් පසු එහි දූෂණය හා විනාශය ඇති නොකරන්න.”
තවද සර්වබලධාරී අල්ලාහ් මෙසේ ප්රකාශ කර ඇත.
“භූමියෙහි දූෂණය හා විනාශය ඇති කිරීමට උත්සාහ නොකරන්න. නියත වශයෙන්ම අල්ලාහ් දූෂණය ඇති කරන්නන්ට ප්රිය නොකරයි.”
එසේම,
“අල්ලාහ් දූෂණයට ප්රිය නොකරයි.”
තවද සර්වබලධාරී අල්ලාහ් මෙසේ ප්රකාශ කර ඇත.
“අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට එරෙහිව සටන් කරමින් භූමියෙහි දූෂණය හා විනාශය පැතිරවීමට උත්සාහ කරන අයට හිමි දඬුවම වන්නේ ඔවුන් ඝාතනය කිරීම, කුරුසියේ ඇණ ගැසීම, ඔවුන්ගේ අත් සහ පාද ප්රතිවිරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ ඔවුන් දේශයෙන් පිටුවහල් කිරීමයි. මෙය ඔවුන්ට මෙලොවදී හිමිවන අවමානය වන අතර පරලොවදී ඔවුන්ට දැඩි දඬුවමක් හිමිවනු ඇත.”
මක්කාවේ මුස්ලිම් පල්ලියක් තුළ සිදුකළ අශෝභන ක්රියාවක්
නස්ර් අල්-ඉස්ලාම් අබ්දුල් බසීර් (Nazr Al-Islam Abdul Basir) සහ බංග්ලාදේශ ජාතික කාන්තාවක වන සිටි අක්තාර් (Siti Akhtar) යන දෙදෙනා ශුද්ධ වූ මක්කා නගරයේ මුස්ලිම් පල්ලියක් තුළ අශෝභන ක්රියාවක් සිදුකර ඇති බව අමාත්යාංශ නිවේදනයේ සඳහන් වේ.
දෙවියන්ගේ අනුග්රහයෙන් ආරක්ෂක බලධාරීන්ට ඉහත සඳහන් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
ඉන් අනතුරුව සිදුකළ විමර්ශනවල ප්රතිඵලයක් ලෙස අදාළ අපරාධය සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල කර ඇත.
පසුව එම නඩුව අදාළ බලයලත් අධිකරණය වෙත යොමුකර තිබේ.
අධිකරණය හමුවේ ඔවුන්ට එල්ල වූ චෝදනා සනාථ වූ බවත්, ඔවුන් සිදුකළ ක්රියාවේ බරපතළකම සහ ශුද්ධ වූ ස්ථානයක හා කාලයක පූජනීයත්වය උල්ලංඝනය කිරීම සැලකිල්ලට ගනිමින් දෙදෙනාටම මරණ දඬුවම නියම කළ බවත් නිවේදනයේ දැක්වේ.
එම අධිකරණ තීන්දුව අදාළ ඉහළ අධිකරණ බලධාරීන් විසින් තහවුරු කිරීමෙන් අනතුරුව අවසන් තීන්දුවක් බවට පත්ව තිබේ.
ඉන්පසුව අදාළ පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් ඉස්ලාමීය ෂරියා නීතිය යටතේ නියම කර තිබූ දඬුවම ක්රියාත්මක කිරීම සඳහා රාජකීය නියෝගයක් නිකුත් කර ඇත.
2026 ඔක්තෝබර් 14 වැනිදා මරණ දඬුවම ක්රියාත්මක කරයි
ඒ අනුව, නස්ර් අල්-ඉස්ලාම් අබ්දුල් බසීර් සහ බංග්ලාදේශ ජාතික සිටි අක්තාර් යන දෙදෙනාට නියම කර තිබූ මරණ දඬුවම හිජ්රි 1448 ජුමාදා අල්-අව්වල් මස 03 වැනි බදාදා, එනම් ක්රිස්තු වර්ෂ 2026 ඔක්තෝබර් 14 වැනිදා, මක්කා අල්-මුකර්රමා කලාපයේදී ක්රියාත්මක කර තිබේ.
සෞදි අභ්යන්තර කටයුතු අමාත්යාංශයේ අවධාරණය
මෙම නිවේදනය නිකුත් කරමින් සෞදි අරාබියේ අභ්යන්තර කටයුතු අමාත්යාංශය අවධාරණය කරන්නේ, රටේ ආරක්ෂාව ස්ථාපිත කිරීම, යුක්තිය ඉටුකිරීම සහ ඉස්ලාමීය ෂරියා නීතියේ විධිවිධාන ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබි රාජ්යය දැඩි කැපවීමකින් කටයුතු කරන බවයි.
විශේෂයෙන්ම මුස්ලිම් පල්ලිවල පූජනීයත්වය උල්ලංඝනය කරන සහ ආගමික සංකේතවලට අපහාස කරන පුද්ගලයන්ට එරෙහිව ෂරියා නීතියේ විධිවිධාන ක්රියාත්මක කිරීමට රජය පසුබට නොවන බව එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ.
එවැනි ක්රියාවන් සිදුකිරීමට අදහස් කරන ඕනෑම පුද්ගලයෙකුට ෂරියා නීතිය යටතේ නියමිත දඬුවම්වලට මුහුණදීමට සිදුවනු ඇති බවටද අමාත්යාංශය අනතුරු අඟවා ඇත.
“නිවැරදි මාර්ගය වෙත මඟපෙන්වන්නේ අල්ලාහ් පමණි.”
— නිවේදනය අවසන් —
නිකුත් කළ වේලාව: UTC 15:58
නිවේදන අංකය: 0164
සෞදී රජය ඝාතනය කල Nazr Al-Islam Abdul Basir සහ Siti Akhtar

නස්රුල් නැමැති තරුණයා අදාළ සිද්ධිය සිදුවූ බව කියන මුස්ලිම් පල්ලියේ සේවය කළ පුද්ගලයෙකු බවටද තොරතුරු අනාවරණය වි තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වී ඇත්තේ බංග්ලාදේශ රජය විසින් සෞදි අරාබි බලධාරීන්ගෙන් කරුණු විමසීමෙන් අනතුරුව පමණි.ඔක්තෝබර් 19 වැනිදා ජෙඩා නගරයේ පැවති සාකච්ඡාවකදී සෞදි බලධාරීන් බංග්ලාදේශ කොන්සල් ජනරාල්වරයාට දැනුම් දී ඇත්තේ, අදාළ පුද්ගලයන් දෙදෙනා 2023 අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
නියමිත නීතිමය ක්රියාපටිපාටිය අනුගමනය කිරීමෙන් අනතුරුව පහළ අධිකරණයක් විසින් ඔවුන් දෙදෙනාට මරණ දඬුවම නියම කළ බවද සෞදි බලධාරීන් ප්රකාශ කර තිබේ.
විනිසුරුවරුන් 13 දෙනෙකුගෙන් සමන්විත අභියාචනා විනිසුරු මඬුල්ලක් විසින් එම මරණ දඬුවම් තහවුරු කර ඇති අතර, පුරුෂයාට සහ කාන්තාවට මරණ දඬුවම ක්රියාත්මක කර ඇත්තේ වෙන වෙනම සිරමැදිරි තුළදී බව Prothom Alo පුවත්පත වාර්තා කර තිබේ.
කෙසේ වෙතත්, පහළ අධිකරණය විසින් මරණ දඬුවම නියම කළ දිනය හෝ අභියාචනා අධිකරණය විසින් එය තහවුරු කළ දිනය පිළිබඳව කිසිදු තොරතුරක් ලබාදී නොමැත.
මරණ දඬුවම පිළිබඳ තොරතුරු සෞදි බලධාරීන් බංග්ලාදේශයට ලබා නොදුන්නේ ඇයි? රාජ්යතාන්ත්රික ක්රියාපටිපාටිය පිළිබඳ බරපතළ ප්රශ්න
2026 සැප්තැම්බර් මාසයේදී ජෙඩා නගරයේ පිහිටි බංග්ලාදේශ කොන්සල් ජනරාල් කාර්යාලය, එම කලාපයේ සිරගත කර සිටින බංග්ලාදේශ ජාතිකයන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස සෞදි අරාබි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබූ බව The Daily Star පුවත්පත වාර්තා කරයි.
එම ඉල්ලීමට ප්රතිචාර වශයෙන් සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්යාංශය සැප්තැම්බර් 30 වැනිදා අදාළ තොරතුරු ලබාදී තිබේ.
කෙසේ වෙතත්, එම තොරතුරු තුළ මරණ දඬුවමට ලක්වූ බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනා සම්බන්ධයෙන් බරපතළ නොගැළපීම් පැවති බව පසුව අනාවරණය වී ඇත.
“මෙම ක්රියාවලියේ කොතැනක හෝ බරපතළ අඩුපාඩුවක් තිබෙනවා” — බංග්ලාදේශ රාජ්ය අමාත්ය
මෙම මරණ දඬුවම් සම්බන්ධයෙන් බංග්ලාදේශ රජය නිකුත් කර ඇති ප්රකාශවල කනගාටුව මෙන්ම රාජ්යතාන්ත්රික ප්රවේශමද දක්නට ලැබේ.
ඔක්තෝබර් 19 වැනිදා මාධ්යවේදීන් අමතමින් බංග්ලාදේශ විදේශ කටයුතු රාජ්ය අමාත්ය හුමායුන් කබීර් (Humaiun Kobir) මෙසේ ප්රකාශ කර තිබේ.
“මෙහි නිසැකවම හිඩැසක් තිබෙනවා. ක්රියාවලියේ කොතැනක හෝ අඩුපාඩුවක් සිදුවී තිබෙනවා.”
මරණ දඬුවමට ලක්වූ දෙදෙනාගේ දේහයන් තවමත් සෞදි අරාබියේ
මරණ දඬුවමට ලක්වූ පුද්ගලයන් දෙදෙනාගේ දේහයන් තවමත් සෞදි අරාබියේ පවතින බව වාර්තා වේ.
රාජ්ය අමාත්ය ෂාමා ඔබායිඩ් ඉස්ලාම් ප්රකාශ කර ඇත්තේ, සෞදි බලධාරීන් වෙත යොමුකර ඇති රාජ්යතාන්ත්රික ලිපිවලට පිළිතුරු ලැබීමෙන් අනතුරුව එම දේහයන් බංග්ලාදේශයට ගෙන්වා ගැනීමට හැකිවේද යන්න තීරණය කළ හැකි බවයි.
බිරාම්පූර් ප්රදේශයේ ජීවත්වන නස්රුල්ගේ දෙමාපියන් සිය පුත්රයාගේ දේහය රජයේ වියදමින් බංග්ලාදේශයට ගෙන්වා දෙන ලෙස ඉල්ලා තිබේ.
මෙම සිද්ධියේ වඩාත් බරපතළ කරුණ වන්නේ, මරණ දඬුවම් ක්රියාත්මක කර තිබියදීත්, අදාළ නඩු විභාගවල සම්පූර්ණ තොරතුරු, චෝදනා සහ සාක්ෂි පිළිබඳ පැහැදිලි නිල වාර්තාවක් බංග්ලාදේශයට මෙතෙක් ලබාදී නොමැති වීමයි.
ඒ අනුව, සෞදි අරාබියේ අධිකරණ ක්රියාවලියේ විනිවිදභාවය, විදේශීය සිරකරුවන්ගේ නීතිමය අයිතිවාසිකම් සහ රාජ්යතාන්ත්රික දැනුම්දීම් සම්බන්ධයෙන් මෙම සිද්ධිය වැදගත් ප්රශ්න රැසක් මතු කර තිබේ.
