ජනපති පනී! ලේකම්ට කුණුහරූප වැස්සක්! “සිවුරට යුක්තිය” අරගලය ඇරඹේයි!
'AKD ආණ්ඩුව'
සම්පූර්ණ කාලයම හිටියොත්
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා පැමිණි ‘නිදහසේ පාද යාත්රාව’ ජනාධිපති ලේකම් කාර්යාලය ළඟාවීමට විනාඩි 25කට පෙර ජනාධිපති අනුර දිසානායක එම ස්ථානයෙන් ඉවත්ව ගිය බව ජනාධිපති කාර්යාලය ඉහළ පෙලේ නිළධාරියෙකු අප විශේෂ වාර්තාකරු හමුවේ අනාවරණය කර සිටියා.
මේ අතර ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ස්වාමින්වහන්සේලාගේ දැඩි ඉල්ලිම මත එම ස්ථානයට පැමිණ ජනාධිපතිවරයා සමග දුරකතනයෙ සාකච්ඡා කර විසදුමක් ලබාදිමට පොරොන්දු වි ඒ සදහා විනාධි 10ක කාලයක් ඉල්ලා සිටියා.කෙසේවෙත විනාඩි 20කට පමන පසුව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු යැයි කියන අයෙකු පැමිණිමත් සමග ඔහු ප්රතිකේෂ්ප කරමින් ස්වාමින්වහන්සේලා විරෝධතාව දක්වා සිටියා. එහිදි අදාළ ලේකම් යැයි කියාගත් පුද්ගලයා සදහන් කර සිටියේ මේ සදහා විසදුමක් සෙවිම සදහා මාසයක කාලයක් අවශ්ය බව ජනපති දැන්වු බවයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය ඉහළ පෙලේ නිළධාරියා අප විශේෂ වාර්තාකරු හමුවේ සදහන් කර ඇත්තේ ජනාධිපති ලේකම්වරයා ස්වාමින්වහන්සේලාට යම් සහනයක් කල යුතු බවත් ඒ සදහා යම් මැදිහත් විමක් කරන ලෙසත් ජනාධිපති අනුර දිසානායකගෙන් ඉල්ලිමක් කර ඇති බවයි. එහිදි අනුර දිසානායක,ලේකම්වරයාට පරුෂ වචනයෙන් බැණවැදි ඇති අතර එයින් දැඩි ලෙස කලකිරිමට ලක්ව නැවත ස්වාමින්වහන්සේලා බැහැ දැකිම ප්රතිකේෂ්ප කල බවයි.
මේ වනවිට ස්වාමින්වහන්සේලා ඇතුලු ගිහියන් විශාල පිරිසක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රෑදි සිටින අතර ජනාධිපතිවරයාගෙ නිසි පිළිතුරක් ලැබෙනතුරු සටන දියත් කර සිටි.
