October 21, 2026

Oparation Double Edge හරහා එලියට ආ ප්‍රගීත්ගේ පැටිකිරිය! සුමතිපාල සුරේෂ් කුමාර් සහ එක්නැලිගොඩ!

0
Operation Double Edge_ Investigative Dossier

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

ප්‍රගීත් එක්නැලිගොඩ සහ LTTE සබඳතාවය සම්බන්ධයෙන් මේ දිනවල යලි කරළියට පැමිණ තිබේ. අවාසනාවන්ත ලෙස සන්ධ්‍යා එක්නැලිගොඩ හෙවත් ප්‍රගීත්ගේ “මෝඩ බිරිඳ” හමුදාව මත තමන්ගේ සැමියා අතුරුදන් විම පැටවිමට ගොස් ප්‍රගීත් රහසේම මුදල් හම්බ කල කුප්‍රකට ගණුදෙනු දැන් එලියට එමින් තිබේ. ප්‍රගීත් එක්නැලිගොඩ කවරෙක්ද? ඔහු සේවය කලේ කා වෙනුවෙන්ද?, ඔහුට යැපීමට ආධාර උපකාර කලේ කවුද?

චෝදනා, හිටපු කොටි සාමාජිකයන්ගේ සාක්ෂි සහ CID විමර්ශන හෙළිකරන්නේ කුමක්ද?

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර සබඳතා පැවති බවට ඔනෑ තරම් සාක්ෂි සොයා ගැනිම අපහසු නොවේ. ඇයගේ බිරිඳ හෙවත් සන්ධ්‍යා 2011 වසරේ අප්‍රියෙල් මාසයේ එක් දිනයක ජිනිවා මානවහිමිකම් කවුන්සිලයේ නීත්‍ය නියෝජිතවරියක හමුවේ කියා සිටියේ රජයේ නිල හමුදා උතුරු ප්‍රදේශයේ ජනතාවට එරෙහිව රසායනික හෝ ජීව අවි භාවිතා කළ බවය. 2008 වසරේදී ප්‍රගීත් එක්නැලිගොඩ යුද්ධය පැවැති ප්‍රදේශ වල සංචාරය කල බවත් එය රජයේ නිළ හමුදා අවසරය මත සිදු නොවු බවත් තමන්ට ප්‍රගීත් පැවසු බව සන්ධ්‍යා නීත්‍ය නියෝජිතවරියට පවසා තිබේ. ඇය සතුව තිබි ඡායාරූප 3ක්ද මෙම නියෝජිතවරියට ලබාදී තිබේ. ඒ අනුව ඉතාම පැහැදිලිව ශ්‍රි ලංකා හමුදාවට එරෙහිව අසත්‍ය වාර්තා සකස් කිරිම සදහා ප්‍රගීත් LTTE සංවිධානයට සහය දි තිබේ.

ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ එල්.ටී.ටී.ඊ. (LTTE) ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධයේදී කිසිදු අවස්ථාවක රසායනික හෝ ජීව අවි භාවිතා නොකළ බව නිරන්තරයෙන්ම තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර ශ්‍රී ලංකා හමුදාව එවැනි අවි භාවිතා කළ බවට ලෝකයේ කිසිදු පිළිගත් ජාත්‍යන්තර හෝ දේශීය අධිකරණයකින් මෙතෙක් තහවුරු කර හෝ එවැනි නඩු තීන්දුවක් ලබා දී නැත.

ප්‍රගීත් එක්නැලිගොඩ සහ හිටපු LTTE සාමාජිකයන් අතර පැවති පුද්ගලික සම්බන්ධතා පිළිබඳ වැදගත් තොරතුරු අධිකරණ සාක්ෂිවලින් අනාවරණය වී තිබේ.

හිටපු LTTE සාමාජික මුරලි සමඟ පැවති සම්බන්ධය

2026 ජූලි සහ ඔක්තෝබර් මාසවල අධිකරණයේදී හෙළිවූ කරුණු අනුව, සුමතිපාල සුරේෂ් කුමාර් හෙවත් මුරලි හෙවත් තවේන්ද්‍රන් (කොටි බුද්ධි බළකායේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කාඩර්වරයෙකි) නමැති හිටපු LTTE සාමාජිකයා ප්‍රගීත් එක්නැලිගොඩ හඳුනාගෙන තිබේ.මුරලී යුද්ධය අවසානයේ හමුදාවට භාරවීමෙන් පසු 2009 සිට 2013 දක්වා ගිරිතලේ හමුදා බුද්ධි කඳවුරේ රඳවා ප්‍රශ්ණ කරමින් සිටියා.

ත්‍රිකුණාමල තෝරන්කාඩු පදිංචිකරුවකු වූ සුමතිපාල සුරේෂ් කුමාර් හෙවත් මුරලි 1985 ජුනි මාසයේ පටන් තේවේන්ද්‍රන් නමින් කොටි සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කොටින්ගේ ටොසී ඔත්තු සේවාවට එක්වූ අයෙකු විය.

2009 මැයි 17 දා තවේන්ද්‍රන් හමුදා බුද්ධි බළකායට කොටුවන්නේ වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් සටන් යන අතරේය. සිවිල් වැසියන් අතරේ පලා ආ තවේන්ද්‍රන් ගැන ඒ වන විටත් සන්නද්ධ බුද්ධි බළකාය වෙත තිබූ තොරතුරු මත කොටුකර ගන්නට හැකිවූ අතර එතැන් පටන් මුරලි කල්ගෙව්වේ සන්නද්ධ බුද්ධි බළකාය යටතේය.

තවේන්ද්‍රන් හෙවත් සුමතිපාල සුරේෂ් කුමාර්ගේ පියා සිංහල ජාතිකයකු වන අතර ඔහුගේ මවත්, පියාත් හමුදා ප්‍රහාරවලට ලක්ව මියගොස් ඇත්තේය. වයස අවුරුදු 18 දී කොටි බුද්ධි බළකායට එක්වී වසර විසිහතරක් පමණ කොටි සංවිධානයේ බුද්ධි මෙහෙයුම් භාරව සිටි ප්‍රබලයකු ලෙස ඔහු හඳුනාගෙන ඇත.

මුරලිගේ සාක්ෂිය අනුව:

  • 2000 දශකයේ මුල් භාගයේදී මන්නාරමේ මඩු දේවස්ථානයේ ආගමික උත්සවයකදී ඔහුට එක්නැලිගොඩ හමුවීම.
  • හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන් විසින් ඔවුන් දෙදෙනා හඳුන්වා දී ඇති බව සාක්ෂිකරු පවසා තිබේම.
  • ඔවුන් අතර හිතවත්කමක් පැවති බවත්, එය 2004 සුනාමි ව්‍යසනය සිදුවූ කාලය දක්වා පැවති බවත් ඔහු සඳහන් කර තිබේම.
  • යුද්ධයෙන් පසුව හමුදාවට භාරවූ අවස්ථාවේදී තමන් සතුව එක්නැලිගොඩගේ දුරකථන අංකයක් තිබූ බව ඔහු ප්‍රකාශ කර තිබේම.

මෙම සාක්ෂිවලින් දෙදෙනා අතර දැනහැඳුනුම්කමක් පැවති බවට නොරහසකි.

ගිරිතලේ හමුදා කඳවුරෙන් සිදුකළ දුරකථන ඇමතුම්

2026 ඔක්තෝබර් 5 වැනිදා මුරලි හෝමාගම මහාධිකරණයේදී තවත් වැදගත් කරුණක් අනාවරණය කර තිබේ.එනම් 2009 සිට 2013 දක්වා ගිරිතලේ හමුදා බුද්ධි කඳවුරේ රඳවා සිටි බවත්, හමුදා බුද්ධි නිලධාරීන්ගේ උපදෙස් මත විවිධ පුද්ගලයන්ට දුරකථන ඇමතුම් ලබාගත් බවත් ඔහු සාක්ෂි දී තිබේ. එක්නැලිගොඩ ද එම ඇමතුම් ලබාගත් පුද්ගලයන් අතර සිටි බව වාර්තා වේ.

2010 ජනවාරි 24 වැනිදා එක්නැලිගොඩ අතුරුදන් වූ අතර, එයට පෙර 2009 අගෝස්තු මාසයේදීද ඔහු පැහැරගෙන ගොස් නිදහස් කර තිබූ බව වාර්තා වේ.ඔහු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ට එරෙහිව නඩු පවරා ඇති අතර, 2026 වසරේදීද අදාළ නඩු විභාග පැවැත්වෙමින් තිබිණි.

එක්නැලිගොඩ අතුරුදන් වූ දිනයේද මුරලිට ඇමතුමක් ලැබුණු බවට චෝදනාවක් තිබේ.

දැනට ප්‍රසිද්ධව පවතින විමර්ශන හා අධිකරණ තොරතුරු අනුව ප්‍රගීත් එක්නැලිගොඩ හිටපු LTTE සාමාජිකයකු සමඟ දැනහැඳුනුම්කමක් පවත්වා තිබූ බවට සාක්ෂි පැහැදිලිව තිබේ. ඒ හරහා ප්‍රගීත් රජයේ හමුදාවන්ට එරෙහිව අසත්‍ය තොරතුරු මුදාහැර ඇති අතර ඒ සදහා එවකට LTTE පාලනය කරමින් තිබු ප්‍රදේශ වල සංචාරය කර ඇති බවද තහවුරුය. ප්‍රගීත් මාස ගණන් ගෙදර නොඑන කෙනෙක් බව සන්ධ්‍යාට අප කියාදිය යුතු කරුණක් නොව.ඇයද එය අධිකරණය හමුවේ පිලිගෙන තිබේ.

ප්‍රගීත් එක්නැලිගොඩ, මුරලි සහ සෙල්වම් අඩෛක්කලනාදන් අතර 2000–2009 කාලයේ පැවති සම්බන්ධතා කවර අරමුණු සඳහා භාවිත වූයේද? එම සම්බන්ධතා පිළිබඳ මුල් දුරකථන වාර්තා, සාක්ෂි ප්‍රකාශ සහ අධිකරණ ලේඛන පරීක්ෂා කිරීමෙන් සහ බුද්ධී අංශ සපයා ඇති වාර්තා සැලකිමෙන් දැනටම තහවුරු කරගෙන තිබේ.

තවේන්ද්‍රන් හෙවත් මුරලී හමුදා බුද්ධි බළකාය අත්අඩංගුවට ගනිද්දී දේශීය වශයෙන් කොටි බුද්ධි ජාලය මෙහෙයවන කොටි නායකයකුට ඉතිරිව සිටියේ ඔහු පමණි. මුරලී එක්කරගෙන බුද්ධි මෙහෙයුමක් අරඹන යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය ඔහු අත්අඩංගුවට ගත් දා සිට ‘ඔපරේෂන් ඩබල් එජ්’ (Oparation Double Edge) නමින් මෙහෙයුමක් අරඹන්නේය. ඒ හරහා ජාත්‍යන්තරව විසිරි සිටි LTTE ත්‍රස්තවාදීන් දකුණේ සිදුකරන්නට ගිය භයානක ඝාතන රැසක් අනාවරණය කරගත් අතර එය වැලැක්වීමටද ඔහුන් සමත් විය.

ජාත්‍යන්තර වශයෙන් හා දේශීය වශයෙන් ක්‍රියාත්මක වන කොටින්ගේ බුද්ධි ජාලය හඳුනාගෙන එහි ඉදිරි ක්‍රියාකාරකම් අඩපණ කිරීම හා ජාතික ආරක්ෂාවට හානිකර කොටි ජාලය සමග ක්‍රියා කරන පුද්ගලයන් කොටුකර ගැනීම මෙම මෙහෙයුමේ පරමාර්ථය වූයේය.

මහින්ද,අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරින් 200 ඝාතනය කිරිමට හා LTTE ය කළ කුමන්ත්‍රණය Oparation Double Edge “ඔපරේෂන් ඩබල් එජ්” මෙහෙයුම හරහා අනාවරණය වු අතර ඊට අදාළව ප්‍රගීත් එක්නැලිගොඩ සහ සුමතිපාල සුරේෂ් කුමාර් හෙවත් මුරලි නැමැති ත්‍රස්තවාදීයා අතර සිදුකල කතාබහ ඔබට යලි ඇසිමට හැක.

“රටට දැනෙන්නට නම් ජනාධිපතිවරයා ඇතුළු දෙසීයක් ඝාතනය කරන්නට කළ සැලසුමේ දුරකථන සංවාදයේ සටහන්ව තිබේ. එම සංවාදය අනුව කියැවෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා පමණක් ඉලක්ක නොකර ඔහු ඇතුළු අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරින් 200 ක් පමණ ගමන් ගන්නා ගුවන් යානයට මීගමුවේ නිවසක් කුලියට ගෙන මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට රංජිත් කරන යෝජනාවය. මීගමුවේ නිවස කුලියට ගැනීම ඇතුළු මෙහෙයුමට රුපියල් ලක්ෂ 50 ක්, 60 ක් අතර මුදලක් වියදම් කළ යුතු බවත්, මිහින් ලංකා යානයකින් ගමන් ගන්නා නිසාත්, සිවිල් වැසියන් නොසිටින නිසාත් මෙම ප්‍රහාරයට ජාත්‍යන්තර බලපෑම් එල්ල නොවන බවත්, පටිගත කළ රංජිත්ගේ හඬ පටයේ සඳහන්ය. විදෙස් සංචාර සඳහා ජනාධිපතිවරයා ඇතුළු දූත මණ්ඩලය පාන්දර ජාමයේ ගුවන්ගත වන අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල කරන්නට යෝජනා කරන රංජිත් එය එල්ටීටීඊ සංවිධානයේ ගිණුමට නොව එවකට රාජපක්ෂ මහතා සමග ජනාධිපතිවරණයට තරග වදින්නට සිටින සරත් ෆොන්සේකා මහතාගේ ගිණුමට මෙය බැර කළ හැකි බව” මෙම ප්‍රකාශය සාක්ෂි සහිතව තවමත් හමුදා මූලස්ථානයේ ඇත.

මෙකී සංවාදය සිදුවන්නේ 2009 වසරේ ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණ සටනේ මහින්ද රාජපක්ෂ මහතා සහ සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට සටන් වදින කාල සීමාවේය.

එක්නැලිගොඩ ඉතිහාසය

මෙම එක්නැලිගොඩ යන නාමය අද පමණක් නොව ඈත අතීතයේද බොහෝ කතාබහට ලක්වූ නාමයකි. එකල උඩරට බ්‍රිතාන්‍යයන්ට ගැතිකම් කල කලු සුද්දන්ගේ අතකොළුවක් බවට මෙම එක්නැලිගොඩලා පත්වී තිබින. පෞරුධ ඉතිහායක් සහිත ශ්‍රි ලංකාවේ අවසන් රජු වූ ශ්‍රි වික්‍රම රාජසිංහ රජුව පරදේශක්කාරයන්ට අල්ලා දීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ මෙම එක්නැගිගොඩලාය.

1815 පෙබරවාරි 18 වැනිදා මෙරට අවුරුදු 2357 ක රාජ්යට ඉතිහාස ගත නීති වෙනස් කර බ්‍රිතාන්‍යයන්ගෙන් යටත් පාලකයන් බවට පත්වීමේ අභාග්‍යසම්පන්න ඉරණමට මේ රට පත් කිරීමට මෙම එක්නැලිගොඩලා උරදී කටයුතු කල පුද්ගලයන්ය.එසේම ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගේ ආරක්ෂාවට සිටි උඩුපිටයි ආරච්චිව පවා මරා දැමිමට එවකට එක්නැලිගොඩලා කටයුතු කර තිබේ.

එක්නැලිගොඩ නිලමේ සහ පිරිස රජු සැඟව සිටි නිවස වටලා රජු සහ රැජිණිය වූ වෙන්කති රන්ගම්මාල් එළියට ඇද දමා රජු සහ රැජිණ සතු වටිනා ආභරණ සහ පැළඳ සිටි දෑ පැහැර ගන්නා ලදී. ඉන් පසුව රජුව නිරුවතින් බැඳ දැමුවේ ඌරන් රැගෙන යන්නා සේ තිරස් පොල්ලකය.රජු අල්ලා බ්‍රිතාන්‍යයට බාරදුන් පසු පරදේශක්කාරයින් ඉදිරිපිටදිම රජුට අතින් පයින් පහරදීමට මෙම එක්නැලිගොඩ නිලමේ එදා පසුබට වූයේ නැත. එපමණක් නොව ලේ වගුරවමින් රැජිණගේ දෙකන් ඉරා කරාබුද කඩා රජුව බැඳ බ්‍රිතාන්‍යයන්ට බාර දුන්නේද ඉතාම උජාරුවෙනි.

ඒ එදා එක්නැලිගොඩලාය එනම් එදා පටන් අද වන තුරු එක්නැලිගොඩලා ගේ ගති පැවතුම් ජානමය වශයෙන් පැවතගෙන එන බව අරුමක් නොවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed