“ඔකාගේ සිවුර ගලවලා දාපන් ” ඥානසාර හිමිගේ සිවුර ගැලවීමෙන් ආණ්ඩුව ඇතුළේ ගැටුමක්! අනුර සහ හර්ෂණ අතර උණුසුම් වචන හුවමාරුවක්!
'AKD ආණ්ඩුව'
සම්පූර්ණ කාලයම හිටියොත්
බන්ධනාගාරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර, උන්වහන්සේ බන්ධනාගාර ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනය හේතුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අධිකරණ අමාත්ය හර්ෂණ නානායක්කාර අතර අද (08) පෙරවරුවේ දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.
මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ, ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන මතභේදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දිවයිනේ ප්රධාන බෞද්ධ නිකායන්හි ජ්යෙෂ්ඨ නියෝජිත ස්වාමීන් වහන්සේලා ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබූ අවස්ථාවට පැය කිහිපයකට පෙරය.
අප දේශපාලන වාර්තාකරු සදහන් කලේ ඥානසාර හිමියන් සිවුර නොමැතිව අධිකරණයට ඉදිරිපත් කිරීමට හේතු වූ තීරණය සම්බන්ධයෙන් අධිකරණ අමාත්ය හර්ෂණ නානායක්කාර වගකිව යුතු බවයි.
අධිකරණ තීන්දුවක් අනුව බන්ධනාගාරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බරපතළ විරෝධය පළ කරමින් ප්රධාන නිකායන්හි මහානායක හිමිවරුන් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් ඊයේ යොමු කිරිමත් සමග ජනාධිපතිවරයා මේම සිද්ධිය සම්බන්ධයෙන් කොමසාරිස්වරයාගෙන් සaජු විමසිමක් කර තිබේ. එහිදි කොමසාරිස් වරයා සදහන් කර ඇත්තේ අධිකරණ අමාත්ය හර්ෂණ නානායක්කාර තමන්ට දුරකථනයෙන් කතා කොට “ඔකාගේ සිවුර ගලවලා දාපන් “ යනුවෙන් නියෝග කල බවයි.එම ප්රකාශය සහ ඉන් ඇති වූ ආන්දෝලනය පිළිබඳව ජනාධිපති දිසානායක දැඩි අසතුටට පත්ව සිටින බව අප දේශපාලන වාර්ත ාකරු අනාවරණය කළේ.
සිවුර ඉවත් කිරීමේ තීරණයට වගකිව යුත්තේ කවුද? ජනපතිගේ අනුමැතිය තිබුණාද? JVP සහ NPP අතර බල අරගලයක පෙරනිමිත්තක්ද?
කෙසේවෙතත් අප දේශපාලන වාර්තාකරු සදහන් කලේ පච වලින්ම ජනතාව අන්දන අනුර,හර්ෂන සමග සාකච්ඡාකර ඔනෑකමින්ම මෙම ගැටුම පෙන්විමට උත්සහ කලේද යන්න තවත් සොයා බැලිය යුතු බවයි.සිවුර ඉවත් කිරීමේ තීරණයට එරෙහිව දැඩි විරෝධයක් මතුවීමෙන් පසුව එහි වගකීම අධිකරණ අමාත්ය හර්ෂණ නානායක්කාර මත පැටවීමට උත්සාහයක් පවතින බවට සැකයක් මතුවන බවයි.
ඥානසාර හිමිගේ සිවුර ආණ්ඩුවට දේශපාලන අර්බුදයක් වෙයිද?
මෙම සිදුවීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවට විශේෂයෙන්ම සංවේදී වී ඇත්තේ, ඥානසාර හිමියන්ගේ සාම්ප්රදායික ආධාරකරුවන්ගෙන් ඔබ්බටද විරෝධය ව්යාප්ත වී තිබීම හේතුවෙනි.ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ගවලට අනුව, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට සහයෝගය පළ කළ භික්ෂූන් වහන්සේලා පවා මෙම තීරණයට විරෝධය පළ කර තිබේ.
අද පෙරවරුවේ ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්යවරයා අතර ඇතිවූ බව කියන මතභේදයට මූලික හේතුවක් වී ඇත්තේද මෙම පුළුල් විරෝධයයි.විවිධ දේශපාලන පක්ෂපාතිත්වයන් සහිත භික්ෂු පාර්ශ්වයන් මෙම සිදුවීම හේතුවෙන් එකම ස්ථාවරයකට පැමිණීමේ හැකියාව ජනාධිපතිවරයාගේ විශේෂ කනස්සල්ලට හේතු වී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.
