හින්දු බැතිමතුන්ට රටේ ඕනෑම තැනක ඇති තම ආගමික ස්ථාන වන්දනාමානයට කිසිම ප්‍රශ්නයක් නැත. අනෙකුත් ආගමිකයන්ටද එසේමය. එහෙත් තිස්ස විහාරයට පමණක් වෙනම හැන්දකින් බෙදන්නේ කවරකු සතුටු කිරීම පිණිසද? රටේ ඕනෑම තැනකට ගොස් තමන්ගේ ආගමික කටයුතු කිරීමේ හැකියාව සිංහල බෞද්ධයන්ට තිබිය යුතුය. එය අහිමි කළ හැක්කේ කවරකුටද? කොටි හිතවාදීන්ගේ වුවමනාටව තිස්ස විහාරය කිසිම විටක දෙකට බෙදා වෙන් කළ යුතු නැත.

මහාවංශයේ නාග දිවයිනේ දේවානම්පියතිස්ස රජු විසින් ඉදිකරන ලද විහාරස්ථාන 3 ක් ගැන සඳහන් වන අතර නාග දිවයින සමස්තයක් ලෙස යාපනය අර්ධද්වීපයට භාවිතා වන නාමයක් ලෙස සැලකේ. මෙම විහාර නම් දඹකොළ වෙහෙර, තිස්ස මහා විහාරය හා පාචිනාරාමයයි. ඉහත යාපනයේ විහාරයන්ගෙන් අවම විස්තර සහිත තිස්ස මහා විහාරය, දඹකොළ විහාරයට නැගෙනහිරින් පිහිටා ඇති අතර එය පිහිටා තිබුණේ කන්කසන්තුරේ හි වලිකාමම් උතුර (තෙලිප්පලෙයි) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්කසන්තුරේ න්‍ 250 තෛයිඩ්ඩි දකුණ ග්‍රාම නිලධාරි වසමෙහිය. බෞද්ධ ඉතිහාසයෙන් වසන් වූ මෙම විහාරස්ථානය නැවත පුනර්ජීවනය ලැබුවේ 1940 දශකයේදීය. කළුතර උතුරේ ශීලාධාර හිමියන් සහ කළුතර පඤ්ඤානන්ද හිමියන් යාපනය අර්ධද්වීපයට ගොස් දේවානම්පියතිස්ස රජු විසින් ඉදිකරන ලද තිස්ස විහාරයේ පුරාණ බෝධිය සහිත නටබුන් අනාවරණය කරගත් පසු විහාර භූමියේ කුටියක දුෂ්කරව වැඩ හිඳිමින් නැවත තිස්ස මහා විහාරය ගොඩනැංවීමට ක්‍රියාකළහ. 1946 දී ඒබ්‍රහම් පෙරේරා නම් සැදැහැවතෙකු මෙම විහාරයට යාබද ඉඩමක් පරිත්‍යාග කර ඇති අතර එම ඔප්පුවේ තිස්ස විහාරය යන නාමය පැහැදිලිව පෙන්නුම් කරයි. 1953 වර්ෂයේ දී මෙම විහාරයට සියක් නමක් (100) වැඩමවා කඨින පිංකම් සිදුකළ බවටද වාර්තා තිබේ. මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 1959 සංශෝධනය කරන ලද යාපනයේ අඟලේ (1: 63,360) සිතියමෙහි මෙම පන්සල් භූමිය ඉංග්‍රීසි හා දෙමළ අනුවාද දෙකෙහිම පැහැදිලිව සලකුණු කර ඇත. මෙම සිතියමට අනුව විහාරස්ථානය අක්කර 15 ක පමණ භූමි ප්‍රමාණයක් ආවරණය කර ඇත. තවද බෝධීන් වහන්සේ සතර නමක් පමණ ඉතා සරුවට මෙහි වැඩ සිට තිබේ.

බෞද්ධ අයිතිය අනතුරට

එහෙත් වර්තමානයේ තිස්ස විහාරයට කොටි හිතවාදීන්ගෙන් නිරන්තර බාධා සිදුවන අතර සෑම පොහොය දිනකම එයට යන පාර අහුරා කෑගසන පිරිසක් දක්නට ලැබේ. මෙලෙස පීඩාවට පත්වන කිසිම ආගමික ස්ථානයක් මෙරට නැත. බෞද්ධ රටේ උතුරේ පිහිටි තිස්ස විහාරය මෙලෙස අන්තවාදීන් පිරිසකගේ වුවමනාවට නිරන්තරව බාධාවට ලක්වීම බෞද්ධයන්ගේ ආගමික අයිතිය උල්ලංඝනය කිරීමකි. මේ සිද්ධිය වෙනත් ආගමික දේවස්ථානයකට හෝ පල්ලියකට අත්විඳින්නට සිදු වූවානම් අද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා නිවේදන නිකුත්කර හමාරය. එහෙත් වර්තමානයේ බෞද්ධ අයිතිය අනතුරට පත්ව තිබේ. වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව තිස්ස විහාරය මැද්දෙන් පාරක් කපන්නට යන්නේද එනිසාය. මෙය බරපතළ අර්බුදයකි. වර්තමාන පාලනය නම් මේවා ගැන උනන්දු වන්නේ නැත. එනිසා බෞද්ධ අයිතිය රැකගැනීම වෙනුවෙන් බෞද්ධයන්ට සංවිධානය වීම හැර අන් විකල්පයක් නැත.

බෙදුම්වාදීන්ගේ ජයග්‍රහණ

ඓතිහාසික තිස්ස රාජමහා විහාර භූමිය මැදින් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව විසින් ගෙන තිබූ තීරණය වළක්වාලමින් පලාලි පොලිසිය මගින් ලබාගෙන තිබූ තහනම් නියෝගයට අදාළ නඩුව පසුගියදා මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයේදී සිව්වන වරටත් විභාගයට ගන්නා ලදී. එහිදී මල්ලාකම් අධිකරණය පෙන්වා දුන්නේ පවතින නීතිමය ප්‍රතිපාදන අනුව ප්‍රාදේශීය බලප්‍රදේශය තුළ මාර්ග ඉදිකිරීම සහ සංවර්ධන කටයුතු සිදුකිරීමේ පූර්ණ බලතල ප්‍රාදේශීය සභාව සතු වන බවයි. ඒ අනුව අදාළ විහාරස්ථාන භූමිය මැදින් යෝජිත මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට ප්‍රාදේශීය සභාවට නීතිමය බාධාවක් නොමැති බව ප්‍රකාශ කළ අධිකරණය, පලාලි පොලිසියේ ඉල්ලීම මත පනවා තිබූ තහනම් නියෝගය ඉවත් කිරීමට නියෝග කළේය. මේ නියෝගය අනුව වඩා අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබේ. මේ අතර ඓතිහාසික කන්කසන්තුරේ තිස්ස රාජ මහා විහාරය දෙකඩ වන සේ පාරක් කැපීමට උත්සාහ දැරීම දැඩි ලෙස හෙළා දකිමින් මහාවිහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පුස්සැල්ලාවේ සෝමවිසුද්ධි නායක මහා හිමියන් විසින් වලිකාමම් උතුර ප්‍රාදේශීය සභා වේ සභාපති වෙත ලිපියක් යවා ඇත. එහි සඳහන් වන්නේ මේ හරහා බෞද්ධ ජනයා තුළ නොසන්සුන්තාවක් ඇතිව තිබෙන බවයි. එම ලිපියේ මෙසේද සඳහන් වේ.

තිස්ස විහාරස්ථානය තුළ ස්වකීය ඉඩම් පවතින බවට හබ කරන ජනතාව සෑම පෝහෝ දිනකම විහාරස්ථානය ඉදිරිපස සිට උද්ඝෝෂණයන්හි නිරත වන අතර ඒ මගින් ද දැනට රට තුළ විශේෂයෙන්ම බෞද්ධ ජනතාව තුළ නොසන්සුන්තාවයන් හටගෙන ඇත. මෙම ඉඩම් සම්බන්ධව ගැටලුව නිරාකරණය කරලීමට දැනට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයත් අධිකරණ අමාත්‍යාංශයත් එක්ව සාකච්ඡා මට්ටමින් එකඟතාවයන්ට යමින් තිබෙන අතර එම සාකච්ඡාවලදී ජනතාව සතු ඉඩම් මෙම විහාර භූමියේ නොපැවැති බවට සනාථ වී තිබේ. එම නිසා තවදුරටත් විහාරස්ථානය සතුව පැවැති ඓතිහාසික ඉඩම් අවසතු කරමින් ඒ සඳහා මාවත් සකසමින් කරගෙන යන අනීතික ක්‍රියාමාර්ග නවත්වා සැබෑ සංහිඳියාව ප්‍රකාශ කළ යුතු බව අපගේ විශ්වාසයයි.

ව්‍යවස්ථාව සමග කියවිය යුතු නවවන වගන්තිය

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග කියවිය යුතු නවවන වගන්තිය ප්‍රකාරව බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමට රජය බැඳී සිටී. එබැවින් ප්‍රාදේශීය සභා පනතේ කුමක් සඳහන් වුවද ඓතිහාසික තිස්ස රාජ මහා විහාරයට අයත් ඉඩම් දෙකඩ කොට පාරක් කැපීම මගින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරනු ලබන අතර ජාතීන් අතර සංහිඳියාව කඩ කිරීමට ගන්නා උත්සාහයක් බවට ද පත් වෙයි. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන වගන්තිය ආරක්ෂා කිරීමේ යුතුකම කඩ කළහොත් 1969 අංක 22 දරන සිවිල් වරද පිළිබඳ වගකීම් පනතේ දෙවන වගන්තිය යටතේ අදාළ රජයේ නිලධාරීන්ද වගකිව යුතු වන්නේය. තවද දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය යටතේ ද එය අවධාරණය කොට ඇති බව දන්වන අතර සෑම නිලධාරියකුම මෙම ව්‍යවස්ථාපිත වගකීමට බැඳී සිටින බව අවසාන වශයෙන් මතක් කර සිටිමි.

හින්දු බැතිමතුන්ට රටේ ඕනෑම තැනක ඇති තම ආගමික ස්ථාන වන්දනාමානයට කිසිම ප්‍රශ්නයක් නැත. අනෙකුත් ආගමිකයන්ටද එසේමය. එහෙත් තිස්ස විහාරයට පමණක් වෙනම හැන්දකින් බෙදන්නේ කවරකු සතුටු කිරීම පිණිසද? රටේ ඕනෑම තැනකට ගොස් තමන්ගේ ආගමික කටයුතු කිරීමේ හැකියාව සිංහල බෞද්ධයන්ට තිබිය යුතුය. එය අහිමි කළ හැක්කේ කවරකුටද? කොටි හිතවාදීන්ගේ වුවමනාටව තිස්ස විහාරය කිසිම විටක දෙකට බෙදා වෙන් කළ යුතු නැත. බෙදුම්වාදීන්ගේ ඊනියා දෙමළ නිජබිම් සංකල්පය හිස් ප්‍රලාපයක් බවට දැනටම පත්ව ඇති නමුත් ඒ වෙනුවෙන් සටන් කරන කුඩා කණ්ඩායම හැම පොහොයටම තිස්ස විහාරය අසලට රැස්වෙති. එහෙත් කිසිවකුට උතුරේ බෞද්ධ අයිතිය ඉවත් කිරීමට නොහැකිය. එය වසර දහස් ගණනක සිට සුරැකී පවතී.

යාපනයේ බෞද්ධ උරුමය ගැන වඩාත් ප්‍රකටම ලිපිය ලියා ඇත්තේ ඉතිහාසඥ පෝල් ඊ. පීරිස් මහතාය. රාජකීය ආසියාතික සංගමයේ වාර්තා ඇතුළත් සඟරාවේ එම ලිපිය පළ වූයේ Nagadipa and Buddhist Remains in Jaffna (යාපනයේ බෞද්ධ අවශේෂ) යනුවෙනි. එම ලිපියට ද්‍රවිඩ පාර්ශ්වයෙන් යම් විරෝධයක් එල්ල වූ නමුත් එම ලිපිය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට ද්‍රවිඩ විද්වතකු වූ මුදළිඳු සී. රාසනායගම් මහතා ඉදිරිපත් විය. ඉපැරණි දෙමළ සාහිත්‍ය ග්‍රන්ථයක් වූ ‘මණිමේකලයි’ කෘතියේ 11 සර්ගයේ 21- 23 පේළිවල එන රත්නදීප (ලක්දිව හා නාගදීපය) දකුණු ඉන්දීය මණිපල්ලවම් ප්‍රදේශය අසල වෙනම දූපතක් බව සඳහන් වෙයි. රාසනායගම් මහතා එය පැහැදිලි කරදී තිබේ. වර්තමානයේදී උතුරේ නාගදීපය එක් ස්ථානයක් ලෙස සිතියම්ගත කර තිබුණ ද එදා ලක්දිව මුළු උතුරුකරයම නම් කර තිබුණේ ‘නගදිව්’ යනුවෙන් බව ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවසේ විසූ ටොලමි ඔහුගේ ලෝක සිතියමේ දක්වා තිබේ. නාගදීප යන්න ජනවහරට එක්වූයේ එකල උතුරේ ජීවත් වූ නාග ගෝත්‍රිකයන් නිසාය. සුප්‍රකට වල්ලිපුරම් රන්පතේ සඳහන් වන නග – දිව යන්න එදා නාගදීපය බවයි පුරා විද්‍යාඥයන්ගේ නිගමනය වී ඇත්තේ. ඉපැරණි ග්‍රන්ථයක් වන සම්මෝහ විනෝදනී පුස්තකයේ නාගදීප (අර්ධද්වීපයම) පාලනය කර ඇත්තේ දීපරාජ නම් පාලකයකු විසින් බව සඳහන් කර ඇත. ක්‍රි. ව. 200 දී ලියවුණු බ්‍රාහ්මී සෙල්ලිපියක ද ‘දීප’ නම් අයකු ගැන සඳහන් වෙයි. දීප යනු එකල නාගදීපයේ (යාපා පටුනේ) පාලකයා හඳුන්වන රාජකීය නාමයක් බව ඇතැම් විද්වතුන්ගේ අදහසයි. අනුරාධපුරයෙන් උතුරු කොටස උත්තරපස්ස ලෙස කලක් හැඳින් වී තිබිණි. එය එකල ලක්දිව පිහිටි රටට අයත්ව තිබිණි. අනුරාධපුරය සිට පේදුරුතුඩුව දක්වා ප්‍රදේශ එකල පාලනය වූයේ අනුරාධපුර රාජධානිය යටතේය.

අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණය

උතුරු නැගෙනහිර පුරාවස්තු රැක ගැනීම පිළිබඳව 1983 ඔක්තෝබර් 07 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී ඇමැති වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා මෙසේ කීය. “එදා මේ රට බෙදා තිබුණේ, අද වගේ පළාත් නවයකට නොවෙයි. මේ රටේ ජනතාව හැමදාමත් තමන්ගේ වහලුන් වශයෙන් තබා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් අධිරාජ්‍යවාදීන් විසින් කෙරුණු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් තමයි. මේ රට පරිපාලනමය වශයෙන් පළාත් නවයකට බෙදනු ලැබීම. නමුත් ඊට කලින් මේ රට බෙදා තිබුණේ රුහුණු, මායා, පිහිටි වශයෙනුයි. කිසිම සැකයක් නැතිව පිළිගන්නට පුළුවන් ආකාරයෙන් අපට ඒ ත්‍රිසිංහලයේම ඉතිහාසය ගොළු බසින් කියනවා. සෙල් ලිපි මුනි වතින් පවසනවා. උතුරුකරයේත්, නැගෙනහිරත් හැම පැත්තක්ම ඇතුළුව දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා මුළු ලංකාව පුරාම සිංහල බෞද්ධ සංස්කෘතියක් පැතිරී තිබුණාය කියා.

චතුර පමුණුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *