October 21, 2026

එක්නැලිගොඩගේ LTTE සම්බන්ධතා එලියට!හිටපු LTTE සාමාජික ‘මුරලි’ගෙන් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විශේෂ සාක්ෂියක්! දැන්වත් පස්සන හොදන ඩොබිලා ගෙදර පල!

0
Gritty Portraits Behind Barbed Wire

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

හිටපු LTTE සාමාජික ‘මුරලි’ගෙන් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විශේෂ සාක්ෂියක් – එක්නැලිගොඩ සමඟ සහෝදරයන් මෙන් ඇසුරු කළ බවත්, එම සම්බන්ධතාව තමිල් සෙල්වම් ඇතුළු කොටි නායකයන් දැන සිටි බවත් කියයි!

2026 ඔක්තෝබර් 16 | අධිකරණ විශේෂ වාර්තාව

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් විභාග වන නඩුවේදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගමන් කරන ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් රටේ පාලනය වෙනස් කළ හැකි බවට එක්නැලිගොඩ තමන් ඉදිරියේ ප්‍රකාශ කළ බව හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වන සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් ‘මුරලි’ අද (16) අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබේ.

මෙම ආන්දෝලනාත්මක කරුණ අනාවරණය වූයේ නඩුවේ නවවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන මහතා විසින් පැමිණිල්ලේ සිව්වැනි සාක්ෂිකරු වන මුරලිගෙන් සිදුකළ හරස් ප්‍රශ්න විමසීමේදීය.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය සැබෑ ඝාතන සැලැස්මක් පිළිබඳව සිදුකළ එකක්ද, නැතහොත් දේශපාලන පාලනය වෙනස් කිරීමේ හැකියාව පැහැදිලි කිරීමට යොදාගත් උපකල්පිත උදාහරණයක්ද යන්න පිළිබඳව ද අධිකරණයේදී ප්‍රශ්න මතුවිය.

විශේෂයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම ප්‍රකාශය සිදු වූ සම්පූර්ණ සංවාදය සාක්ෂිකරු විසින් පැහැදිලි කරනු ලැබීම නඩු විභාගයේ කැපී පෙනෙන සිදුවීමක් විය.

එක්නැලිගොඩ සමඟ සහෝදරයන් මෙන් ඇසුරු කළ බව මුරලි පිළිගනී!

කොළඹ 7, විජේරාම මාවත ප්‍රදේශයේ ස්ථාපිත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව අද කැඳවනු ලැබීය.

සභාපති විනිසුරු නයනා සෙනවිරත්න මහත්මිය සහ විනිසුරුවරුන් වන නලින් හේවාවසම් හා ලක්මාලි හේවාවසම් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි විමසීම සිදුවිය.

එහිදී නවවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන මහතා, සාක්ෂිකාර මුරලි සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතර පැවති සම්බන්ධතාව පිළිබඳව ප්‍රශ්න කළේය.එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ සමයේ එක්නැලිගොඩ සමඟ සහෝදරයෙකු මෙන් සමීප සම්බන්ධතාවක් පැවතියේදැයි නීතිඥවරයා විමසූ අවස්ථාවේ සාක්ෂිකරු එය පිළිගත්තේය.යුද පිටියේදී ලැබූ අත්දැකීම් ද එක්නැලිගොඩ සමඟ බෙදාගත් බව සාක්ෂිකරු තහවුරු කළේය.

මෙම සාක්ෂිය මඟින් එක්නැලිගොඩ සහ හිටපු කොටි සාමාජිකයා අතර පැවති පෞද්ගලික සම්බන්ධතාවයේ ස්වභාවය පිළිබඳව නව තොරතුරු අධිකරණය හමුවේ ඉදිරිපත් වී තිබේ.

“තමුන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සමාජිකයෙකුව සිටින සමයේ ප්‍රගීත් එක්නැලිගොඩ කියන පුද්ගලයා සහෝදරයෙකු ලෙස ආශ්‍රය කරපු කාලයක් තිබ්බා නේද?”

ඊට සාක්ෂිකාරු “ඔව් “ ස්වාමිනි යැයි පිළිතුරු දුනි.

“එහිදී ඔහු සමඟ යුද්ධ පිටියේ ඔබේ අත්දැකිමූත් බෙදාගත්තා නේදැයි “ නීතිඥවරයා යළි විමසීය.

ඊටද සාක්ෂිකරු ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුනි.

පසුව නීතිඥවරයා යළි විමසුවේ “ඔබ ප්‍රගීත් එක්නැලිගොඩ සමඟ පැවති සම්බන්ධතාවය පිළිබඳ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක ප්‍රභාකරන්ට කිව්වාද” යැයි ප්‍රශ්න කළේය.

සාක්ෂිකාර මුරලි ඊට ‘නැත’ යනුවෙන් පිළිතුරු දුනි.

පෙරළා යළි ප්‍රශ්න කළ නීතිඥවරයා “එක්නැලිගොඩ සමඟ ඔබේ පැවති සම්බන්ධතාවය තමිල් සෙල්වම් කියන ත්‍රස්තවාදියාට සහ එල්.ටී.ටී.ඊ. පුපුරණ ද්‍රව්‍ය ප්‍රධානියාව සිටි ඥානවේල්ට පවසා තිබුණාද? “

ඔවුන් දෙදෙනාටම ඒ පිළිබඳ පවසා තිබුණු බවට සාක්ෂිකරු කියා සිටියේය.

තමිල් සෙල්වම් සහ පුපුරණ ද්‍රව්‍ය ප්‍රධානියාටත් සම්බන්ධතාව ගැන දැනුම් දීලා!

එක්නැලිගොඩ සමඟ පැවති සම්බන්ධතාව පිළිබඳව එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට දැනුම් දී තිබුණේදැයි නීතිඥවරයා විමසූ විට මුරලි එය ප්‍රතික්ෂේප කළේය.එහෙත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශයේ ප්‍රධානියෙකු වූ තමිල් සෙල්වම්ට සහ සංවිධානයේ පුපුරණ ද්‍රව්‍ය කටයුතු භාරව සිටි බව සඳහන් ඥානවේල්ට මෙම සම්බන්ධතාව පිළිබඳව දැනුම් දී තිබූ බව සාක්ෂිකරු පිළිගත්තේය.

එසේම එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ ප්‍රධානියා ලෙස සැලකුණු පොට්ටු අම්මාන් සම්බන්ධයෙන් ද නීතිඥවරයා ප්‍රශ්න කිහිපයක් යොමු කළේය.පොට්ටු අම්මාන් සංවිධානයේ බුද්ධි අංශ සහ මරාගෙන මැරෙන ප්‍රහාර මෙහෙයවූ පුද්ගලයාද යන ප්‍රශ්නයට සාක්ෂිකරු පිළිතුරු දුන්නේ ඒ පිළිබඳව තමන් නොදන්නා බව පවසමිනි.

කෙසේ වෙතත්, එක්නැලිගොඩ සමඟ පැවති සම්බන්ධතාව පිළිබඳව පොට්ටු අම්මාන්ට දැනුම් දුන්නේද යන්න සම්බන්ධයෙන් ද විත්තියේ නීතිඥවරයා වැඩිදුර ප්‍රශ්න කළේය.

හබරණ වත්තේදී සිදු වූ බව කියන මිසයිල ප්‍රකාශය

නඩු විභාගයේ වඩාත් අවධානයට ලක්වූ කොටස වූයේ දඹුල්ල, හබරණ වත්ත ප්‍රදේශයේදී ප්‍රගීත් එක්නැලිගොඩ සහ මුරලි අතර සිදුවූ බව කියන සාකච්ඡාව පිළිබඳව සිදුකළ ප්‍රශ්න කිරීම්ය.

එම අවස්ථාවේදී එවකට සිටි රාජ්‍ය නායකයා මිසයිල ප්‍රහාරයකින් ඝාතනය කළ යුතු බව එක්නැලිගොඩ ප්‍රකාශ කළේ යැයි තමන් මීට පෙර සඳහන් කර තිබුණේදැයි නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසීය.සාක්ෂිකරු එයට එකඟතාව පළ කළේය.එවකට රාජ්‍ය නායකයා වූයේ මහින්ද රාජපක්ෂ මහතා බව ද මුරලි පිළිගත්තේය.

මෙහිදී එක්නැලිගොඩ සමඟ පැවති සම්බන්ධතාව පොට්ටු අම්මාන්ට දැනුම් දීම සිදුවූයේ අදාළ ප්‍රකාශයට පෙරද පසුවද යන්න විමසූ විට, එය ඊට පෙර සිදුවූ බව සාක්ෂිකරු පැවසීය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ ප්‍රශ්න කිරීමෙන් සම්පූර්ණ සංවාදය එළියට!

විත්තියේ හරස් ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා සාක්ෂිකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කළේය.

මීට පෙර පළමු විත්තිකරු වෙනුවෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ ප්‍රකාශය උදාහරණයක් ලෙස ඉදිරිපත් කළ බව සාක්ෂිකරු සඳහන් කර තිබූ හෙයින්, එම කරුණ පැහැදිලි කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.

එහිදී මුරලි හබරණ වත්තේදී සිදුවූ බව කියන සංවාදය විස්තර කළේය.ඔහුගේ සාක්ෂිය අනුව එම සාකච්ඡාවට මුරලි, නාදන් නමැත්තෙකු සහ ප්‍රගීත් එක්නැලිගොඩ සහභාගි වී තිබේ.යුද්ධය අවසන් වී ඇති බැවින් ඉදිරියේදී නිදහසේ ජීවත්වීමට හැකි බව මුරලි සහ නාදන් එහිදී ප්‍රකාශ කර ඇත.එයට පිළිතුරු දෙමින් එක්නැලිගොඩ පවසා ඇත්තේ යුද්ධය අවසන් වුවද රටේ සියලු ප්‍රශ්න තවමත් එලෙසම පවතින බවයි.

එවකට පැවති පාලනය තවත් වසර විස්සක් පමණ පැවතිය හැකි බව මුරලි සහ නාදන් ප්‍රකාශ කර ඇති අතර, අවශ්‍ය නම් එම පාලනය එක් දිනකින් වුවද වෙනස් කළ හැකි බව එක්නැලිගොඩ සඳහන් කළ බව සාක්ෂිකරු පැවසීය.එය සිදුකරන්නේ කෙසේදැයි විමසූ අවස්ථාවේ එක්නැලිගොඩ විසින් අදාළ මිසයිල ප්‍රකාශය සිදුකළ බව මුරලි අධිකරණය හමුවේ පැහැදිලි කළේය.

“ජනාධිපති Flight එකේ යනවා. ඒකට මිසයිලයක් ගැහුවොත් ඔක්කෝම වෙනස් වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed