ස්වීඩනයේදී බිමල් සහ දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් අතර රහසිගත හමුවක්? බිමල් රට බෙදන්න කතා කරන්න කලින් වෙල්ලිමුල්ලිවයික්කාල් දෙස බලනු!
'AKD ආණ්ඩුව'
සම්පූර්ණ කාලයම හිටියොත්
ගොතන්බර්ග් නගරයේ ව්යාපාරිකයකුගේ නිවසකදී සාකච්ඡා පැවැත්වූ බවට තොරතුරු — ETU සහ TCC නියෝජිතයන්ගේ සහභාගිත්වය ගැනත් ප්රකාශයක් — මැතිවරණ සමයේ ඩයස්පෝරා මුදල් ලැබුණු බවට අර්ච්චුනා කළ චෝදනාවත් යළි අවධානයට.
ස්වීඩනයේ සංචාරයක නිරතව සිටින ප්රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්ය, පාර්ලිමේන්තුවේ සභානායක සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක, ස්වීඩනයේ ක්රියාත්මක දෙමළ ඩයස්පෝරා සංවිධාන කිහිපයක නියෝජිතයන් සමඟ රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බව අප ජාත්යන්තර දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.JVP ජාත්යන්තර කටයුතු භාරව සිටින කාඩර්වරයා වන්නේ බිමල් රත්නායකය.
මෙම හමුවට Eelam Tamil Union Sweden (ETU) සහ නෝර්ඩික් කලාපයේ දෙමළ ප්රජා ක්රියාකාරකම් සම්බන්ධීකරණය කරන බව පැවසෙන Tamil Coordinating Committee (TCC) සංවිධානයේ නියෝජිතයන් ද සහභාගි වි තිබේන බවයි ඔහු සදහන් කළේ.
අදාළ සාකච්ඡාව ස්වීඩනයේ ගොතන්බර්ග් (Gothenburg) නගරයේ පිහිටි ශ්රී ලාංකික සම්භවයක් සහිත ව්යාපාරිකයකුගේ නිවසකදී පවත්වා ඇති අතර එහි මුලිකම අරමුණ වි ඇත්තේ කාලයක් තිස්සේ JVP පක්ෂ අරමුදලට මාසිකව ලැබුන පරිත්යාගයන් හදිසියේම නතරවිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම බවයි අප වාර්තාකරු අනාවරණය කළේ. ආණ්ඩුව පත්ව වසරක් යැමටත් කලින් ජාත්යන්තරව JVP යාන්ත්රනය බිඳවැටිම ආරම්භ වු අතර මාසිකව පක්ෂයට ලැබෙමින් තිබු මුදල් සරණාගතයන් සේ පැනගොස් යුරෝපයේ ජිවත් වන JVP කාඩරයන්ට පමණක් සීමා වි තිබේ.
වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පිහිටුවා ගැනිම සදහා පසුව LTTE දෙමළ ඩයස්පොරාව සමග අනුර දිසානායක ඇතුලු කල්ලිය සමීප ඇසුරක් ආරම්භ කල අතර එහි ප්රතිඵලයක් ලෙස JVP ජාත්යන්තර ගිණුම ඩොලර් මිළියන ගනනින් ඉහල ගිය බව නොරහසකි. එයට විදේශගතව සිටි ශ්රි ලාංකික සිංහල බෞද්ධ ජනතාවද මාසිකව මුදල් තැන්පත් කිරිමට පෙළඹී සිටි අතර පසුව බෙදුම්වාදීන් සමග ඇති සබඳතාවන් මෙන්ම නොහැකියාවේ ප්රමාණයන් මතුවිමත් සමග ඔහුන් සිය පරිත්යාගයන් නතර කර දමා තිබේ.
රාමනාදන් අර්ච්චුනා කිව්ව ඇත්ත!
පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා මහතා ජාතික ජන බලවේගයට දෙමළ ඩයස්පෝරාවෙන් මැතිවරණ අරමුදල් ලැබුණු බවට මීට පෙර අවස්ථා ගණනාවකදි ප්රකාශ කල අතර ජාතික ජන බලවේගය බලයට ගෙන ඒම සඳහා LTTE ඩයස්පෝරාව මුදල් ලබාදුන් බවත්, එම සහයෝගය පිටුපස වෙනම ඊළාම් රාජ්යයක් පිළිබඳ අපේක්ෂාවක් පැවති බවත් ඔහු චෝදනා කර තිබිණි.
එසේම 2026 සැප්තැම්බර් 15 වැනිදා ආණ්ඩුව මෙම චෝදනා ප්රතික්ෂේප කළේය. කැබිනට් ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස මහතා ඒවා අසත්ය ප්රකාශ බව සඳහන් කරමින් අර්ච්චුනා මන්ත්රීවරයාට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගන්නා බව ද ප්රකාශ කර තිබු නමුත් මේ දක්වා එම අකාරයේ කිසිදු නීතිමය ක්රියාමාර්ගයක් ගෙන නෑ.
බිමල් රත්නායකගේ හමුව සම්බන්ධයෙන් මතුවන ප්රශ්න
මෙම හමුව පිළිබඳ තොරතුරු සත්ය නම්, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් සහ අදාළ පාර්ශ්වයන්ගෙන් පිළිතුරු ලබාගත යුතු ප්රශ්න කිහිපයක් පවතී.
- බිමල් රත්නායක මහතා ස්වීඩනයේ ගොතන්බර්ග් නගරයේදී ETU, TCC හෝ වෙනත් දෙමළ ඩයස්පෝරා සංවිධානවල නියෝජිතයන් හමුවූයේද?
- එවැනි හමුවක් පැවැත්වූයේ නම් එය නිල රාජ්යතාන්ත්රික කටයුත්තක්ද, පක්ෂ දේශපාලන කටයුත්තක්ද, නැතහොත් පෞද්ගලික හමුවක්ද?
- හමුවේදී උතුරු නැගෙනහිර දේශපාලන ගැටලු, බලය බෙදීම, යුද සමයේ සිදුවීම් සම්බන්ධ වගවීම හෝ ඩයස්පෝරා ආයෝජන පිළිබඳ සාකච්ඡා කෙරුණේද?
