October 21, 2026

යාපනයේ මහ දවාලේ කඩු අරන් මැරයන් පාරේ! මැර කණ්ඩායම NPP මැතිවරණ ප්‍රචාරණයට සම්බන්ධ වූ අය!

0
Gritty Sri Lankan Weapons News Collage

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

යාපනයේ වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ මහ දවාලේ කඩු රැගෙන පැමිණ පුද්ගලයන් කිහිපදෙනකු පසුපස හඹාගොස් නිවැසියන්ට තර්ජනය කළ බව කියන තරුණයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබී ඇති බව වාර්තා වේ.ඔක්තෝබර් 07 වැනිදා වඩුක්කෝඩෙයි මුදලිකෝවිල් ප්‍රදේශයේ සහ තවත් ස්ථාන දෙකක මෙම සිදුවීම් වාර්තා වී ඇති අතර, සැකකරුවන් කඩු අතැතිව කිසියම් පුද්ගලයකු පැමිණෙන තුරු රැඳී සිටි බව ප්‍රදේශවාසීහු පවසති.

වාර්තා වන ආකාරයට, ගම්මානයේ පිරිසක් සමඟ ඇතිවූ ආරවුලකින් අනතුරුව මෙම තරුණයන් දෙදෙනා එම ස්ථානයෙන් පිටව ගොස් යළි කඩු රැගෙන පැමිණ තිබේ. අනතුරුව ආරවුලට සම්බන්ධ වූ පුද්ගලයන්ගේ නිවාස වෙත ගොස් එහි වැසියන්ට තර්ජනය කළ බවටද චෝදනා එල්ල වී ඇත.

මෙම සිද්ධියේ විශේෂ අවධානයට ලක්වන කරුණක් වන්නේ සැකකරුවන් දෙදෙනෙකු පසුගිය මහ මැතිවරණ සමයේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයකුගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වූ පුද්ගලයන් බවට ගම්වාසීන් පිරිසක් හඳුනාගෙන තිබිමයි. කාලයක් තිස්සේ JVP උතුරේ රහසිගත දේශපාලන කරමින් සිට ඇති මෙම තරුණයන් පසුව NPPය වෙනුවෙන් ප්‍රසිද්ධියේ දේශපාලන කටයුතු වල නියැලී තිබෙන බව ජනතාව සදහන් කර සිටියා.

ඔවුන් එම මැතිවරණ සමයේ පෝස්ටර් ඇලවීම, ප්‍රචාරණ කටයුතුවලට සහාය වීම සහ ආරක්ෂකයන් ලෙස කටයුතු කිරීම ඇතුළු ක්‍රියාකාරකම්වල නිරත වූ බව එම පිරිස චෝදනා කරති.සිද්ධිය සම්බන්ධයෙන් ගම්වාසීන් වඩුක්කෝඩෙයි පොලිසියට පැමිණිලි කර ඇති බවත්, සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගනිමින් සිටින බවත් වාර්තා වේ.

එහෙත් සැකකරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවට තොරතුරු පළවී තිබේ. ඔවුන්ගේ වත්මන් ස්ථානය හෝ අත්අඩංගුවට ගැනීමේ ප්‍රගතිය පිළිබඳ නිල පොලිස් තහවුරු කිරීමක් මෙතෙක් ලැබී නොමැත.මෙවැනි සිදුවීම් හමුවේ යාපනයේ ජනතාවගේ ආරක්ෂාව, නීතිවිරෝධී ආයුධ භාවිතය සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රශ්න මතුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed