October 22, 2026

ආණ්ඩුව මේ කියන්නේ සිංහල බෞද්ධ රාජ්‍ය අවසන් කියලද? ජනාධිපතිතුමා සංඝරත්නය ගෙනල්ලා ඊයේ කළේ රංගනයක්!

0
Sri Lankan Press Conference News Collage

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

ආණ්ඩුව මේ කියන්නේ සිංහල බෞද්ධ රාජ්‍ය අවසන් කියලද යන්න මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි ප්‍රශ්ණ කර සිටිනවා. අද විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් සිංහලේ සංවිධානය මහ ලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි සදහන් කලේ ඥානසාර හාමුදුරුවන්ගේ බුද්ධ චීවරය ඇත්තනෝමතික අකාරයට ඉවත් කල බවයි.

“ජනාධිපතිතුමා ස්වාමීන් වහන්සේලා ගෙනල්ලා කළේ චිත්‍රපටයක්..කෝට්ටේ සංඝ සභාවට ලිපියක් වත් එවලා තිබුණෙ නෑ.. එතන හිටපු හාමුදුරුවෝ ඥානසාර හිමියන්ගේ නමවත් කතා කළේ නෑ”

“ඥානසාර හාමුදුරුවන්ගේ බුද්ධ චීවරය ඇත්තනෝමතික විදිහට තමා ගලවලා ඉවත් කරලා තියෙන්නේ..ඒ සම්බන්ධයෙන් කතෝලික දෙමළ මුස්ලිම් අය පවා ඤාණසාර හාමුදුරුවන්ගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් හඬ නගලා තියෙනවා..ජනාධිපතිතුමා ඊයේ සිවුණිකායේ ලේඛකාධිකාරි හාමුදුරුවන්ට කැඳවලා තිබුණාම..සිවුණිකායික මහා නායක හාමුදුරුවන්ගේ අත්සනින් යුක්තව සිවුර ගැලවීමේ ක්‍රියාව හෙලා දැක්කාට පස්සේ තමයි මෙහෙම දෙයක් සිදුවුණේ..මේකට ප්‍රතිචාර දක්වන්න හදිසි වුණේ ඇයි..”

“ජනාධිපති කියනවා එක පුද්ගලයෙක් වෙනුවෙන් නීති වෙනස් කරන්න සූදානම් නෑ කියලා.. ඒ උනාට ජනාධිපතිට මතක නෑ 22 ගෙනල්ලා කරපු දේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed