October 22, 2026

කප්පම් සංජය පොලිසියට තග දමයි! පුඤ්ඤසෝම දැන් මොකද කරන්නේ!

0
Sanjaya

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

වගා ආයෝජනය කළ මුදල් නිදහස් කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමක් අත්සන් කරන මුවාවෙන් කප්පම් ගැනිමේ ක්‍රියාවලිය නිරතව සිටින වත්මන් ආණ්ඩුවේ සුවච,කිකරු ජඩයන් කිහිප දෙනා අතර සිටින කුප්‍රකට කප්පම්කරු සංජය මහවත්ත නැමැත්තා අද (05) ප්‍රසිද්ධියේ පොලිස් නිලධාරින්ට තර්ජනය කර තිබේ.

වගා ආයෝජනය සඳහා ජනතා මුදල් ආයෝජනය කළ ආයතන කිහිපයක් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අත්හිටවීමත් සමග එම ආයෝජකයින්හ ට අසාධාරණයක් සිදු වී ඇති බවට පෙන්වමින් එම මුල්‍ය වංචාවට සම්බන්ධ වු පුද්ගලයන් පිරිසක් නිදහස් චතුරශ්‍රයට කැදවා මහජන පෙත්සමක් අත්සන් කිරිම සිදුකර තිබේ.

සංජය,නලිද ජයතිස්ස අමාත්‍යවරයාගේ මැදිහත්විම හරහා බාල ගල් අගුරු ගෙන්වු සමාගම් සමග ඩිල් එකක් දමාගත් අතර ඉන්පසුව ඔහු ආණ්ඩුවේ ගල් අගුරු වංචාව වසා දැමිම සදහා මාධ්‍ය හමුවේ රෙදි ඇපුල්ලු ඩොබියෙක් බව රටම දන්නා කරුනකි.

වගා ව්‍යාපෘති සඳහා ආයෝජනය කරන බව පවසමින් මහජනතාවගෙන් මුදල් ලබාගත් ආයතන කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මේ වනවිට නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගියදා ප්‍රකාශ කළේ ඇතැම් වගා ආයෝජන ව්‍යාපාර සිදුකර ඇත්තේ නීතිවිරෝධී ලෙස තැන්පතු ලබාගැනීමක් බවයි.

එවැනි ආයතනවල මුදල් ආයෝජනය කළ පුද්ගලයන් තම මුදල් ආපසු ලබාගැනීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඉල්ලමින් විවිධ ක්‍රියාමාර්ගවලට එක්ව සිටින පසුබිමක මෙම පෙත්සම් වැඩසටහනද සංවිධානය කර තිබේ.

එහිදි පොලිස් නිළධාරියෙකුට තර්ජනාත්මක කතාකරන අකාරය පහත විඩියෝවේ දැක ගැනිමට හැක.කොස්තාපල් පුඤ්ඤසෝම ලෙස විරුදාවලී ලබා සිටින වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මේ ඔබේ අවධානයට! දැන් ඔබ කරන්නේ කුමක්ද?

වීඩියෝවේ පෙනෙන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කරන්නේද? රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකුට නීතිවිරෝධී තර්ජනයක් සිදුවී ඇති බව තහවුරු වුවහොත්, අදාළ පුද්ගලයා කවුරුන් වුවද නීතිය සමානව ක්‍රියාත්මක කරන්නේද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed