October 21, 2026

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගෙන් වත්මන් ජනපතිට විශේෂ ලිපියක්!

0
Sirisena’s Urgent Letter and Monk Portrait

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

ජනාධිපති සමාව ලබාදීමට පදනම් වූ අධිකරණ නඩු තීන්දු දෙකක් පෙන්වා දෙයි – අදාළ තීන්දු පිළිබඳ නැවත සලකා බලන ලෙසත් ඉල්ලීමක්!

කොළඹ, 2026 ඔක්තෝබර් 19 — පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මතුව ඇති නීතිමය තත්ත්වය පිළිබඳව යළි අවධානය යොමු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වත්මන් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.

2026 ඔක්තෝබර් 19 දිනැති මෙම ලිපිය මඟින්, තමන් ජනාධිපති ධුරය දැරූ සමයේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට පදනම් වූ කරුණු සහ අදාළ නඩු තීන්දු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇත.

ලිපියෙහි විශේෂයෙන් සඳහන් කර ඇත්තේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ B 7417/10 නඩුව සහ 40042 නඩුව පිළිබඳවය. එම නඩු සම්බන්ධ අධිකරණ තීන්දු සහ තත්ත්වයන් පිළිබඳව නැවත අවධානය යොමු කරන ලෙස හිටපු ජනාධිපතිවරයා ඉල්ලා සිටියි.

හිටපු ජනාධිපතිවරයාගේ ලිපියෙන් මතුවන ප්‍රධාන කරුණු

ලිපිය අනුව, ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේදී අධිකරණ තීන්දු සහ අදාළ නීතිමය කරුණු සලකා බැලූ බව මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.

එසේම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ තීරණය සහ අදාළ නීතිමය පසුබිම පිළිබඳව යළි සලකා බැලිය යුතු බවත්, පවතින තත්ත්වය විසඳීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් ඔහුගේ ලිපියෙන් අවධාරණය කෙරේ

මෛත්‍රීපාල සිරිසේන

හයවන විධායක ජනාධිපති

6 වැනි විධායක ජනාධිපතිවරයා

2026 ඔක්තෝම්බර් මස 19 වන දින.

ප්‍රවෘත්ති නිවේදනයයි!

පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමි නැවත බන්ධනාගාර ගත කිරීමේදී එම නඩු තීන්දුව දුන් ගරු අධිකරණයේ තීන්දු ප්‍රකාශයේ සටහන් වී ඇත්තේ උන්වහන්සේ නිදහස් කිරීමට ගරු අධිකරණයට සිදු වූ කරුණු අතර ජනාධිපති කාර්යාලයෙන් ගරු අධිකරණයට ඉදිරිපත් කළ ලිපි ලේඛන වල තාක්ෂණික දෝෂයක් සිදුවී ඇති බවයි.

ගරු අධිකරණයේ තීරණය නිවරදි අතර එම තීන්දුවට මා ගරු කරමි.

මෙම චූදිත පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන්ට විරුද්ධව නඩු දෙකක් තිබී ඇත. එහි අංක සඳහන් කරන්නේ නම්,

01 – හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ

B 7417/10 නඩුව අනුව අධිකරණයට බාධා කිරීමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව යටතේ අධිකරණයට අපහාස කිරීම.

02 – හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ 40042 නඩුව

ඉහත නඩු දෙකම පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන්ට සමාවදීම සඳහා අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යවා අනුමැතිය ගත යුතු බව මාගේ ජනාධිපති කාර්‌යාලයේ සේවය කළ නීති අංශය භාර අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය මා වෙත දන්වා සිටිය ද අදාළ එම ඉල්ලීම අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යවා නැත. ඒ අනුව ඉහත කී අමාත්‍යාංශයේ අනුමැතිය නොමැතිව මාගේ අත්සන පමණක් ලබාගෙන ඇත. එය මා නොමග යැවීමකි.

ඉහත හේතු මත පාක්‍යසෝති සරවනමුත්තු මහතාගේ රාජ්‍ය නොවන සංවිධානයක් මගින් සන්ධ්‍යා එන්නැලිගොඩ මහත්මිය පැමිණිල්ලක් කර අධිකරණයට ඉදිරිපත් කර ඇති නඩුවක් මගින් මෙම තීරණය ලැබී ඇත. මම ජනාධිපතිධූරය දරණ කාලයේ මාගේ නීති අංශය භාර අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය මගින් සිදුවී ඇති වරද අනුව පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමිට නැවත වරක් සිරගත වීමට සිදුවී ඇත.

මෙම සිද්ධිය මාගේ නිලධාරීන් එවකට සිදුකළත් ගෞරවනීය මහා සංඝ රත්නයගෙන් සිදුවී ඇති වරදට මා සමාව ඉල්ලා සිටිමි.

මෙම තොරතුරු මා විසින් අන්තර්ජාලයෙන් ලබාගත් අධිකරණ තීන්දුවේ පිටපතක් අධ්‍යයනය කිරීමෙන් පසු බව කාරුණිකව දන්වා සිටිමි.

රටේ ගෞරවනීය මහා සංඝ රත්නය, මාධ්‍යවේදීන් සහ බොහෝ පිරිස් මාගෙන් මෙම නඩුවේ තාක්ෂණික දෝෂය කුමක්ද යන්න මාගෙන් විමසන බැවින් මෙම නිවේදනය නිකුත් කිරීමට සිදු වූ බව කෘතඥතා පූර්වකව දන්වා සිටිමි.

ස්තූතියි.

මෛත්‍රීපාල සිරිසේන හය වන විධායක ජනාධිපති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed