October 22, 2026

ඥානසාර හිමියන් සිරගත කිරීම සහ චීවරය ඉවත් කිරීම සමස්ත බෞද්ධ ජනතාවටම කළ අසාධාරණයක්! – මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

0
AGALAKADA

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

ඥානසාර හිමියන්ගෙන් ආණ්ඩුව පෞද්ගලික පළිගැනීමක් කරන බවට චෝදනා – මහනායක හිමිවරුන්ටත් විශේෂ ඉල්ලීමක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති සිරදඬුවම සහ බන්ධනාගාරය තුළදී උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය හේතුවෙන් සමස්ත මහා සංඝරත්නයට සහ බෞද්ධ ජනතාවට බරපතළ අසාධාරණයක් සිදුව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ ප්‍රකාශ කරති.

‘Lanka Voice’ නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකදී උන්වහන්සේ මෙම අදහස් පළ කර ඇති අතර, වත්මන් ආණ්ඩුව ඥානසාර හිමියන් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳව දැඩි විවේචනයක්ද එල්ල කර තිබේ.

ඥානසාර හිමියන් සමාජය තුළ සක්‍රීයව කටයුතු කිරීම ආණ්ඩුවේ ඇතැම් අභිමතාර්ථවලට බාධාවක් වන බැවින්, උන්වහන්සේ සිරගත කර තැබීම පිටුපස පෞද්ගලික පළිගැනීමේ චේතනාවක් පවතින බව පෙනී යන්නේ යැයි මහාචාර්ය හිමියෝ චෝදනා කරති.

මීට පෙර විධායක ජනාධිපතිවරයෙකු විසින් ලබාදුන් ජනාධිපති සමාව අවලංගු වීමෙන් අනතුරුව දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සහ චීවරය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව බෞද්ධ සමාජයේ දැඩි අවධානයට ලක්විය යුතු බවද උන්වහන්සේ පෙන්වා දෙති.

මෙම ගැටලුවට නීත්‍යානුකූල විසඳුමක් ලබාදීම සඳහා වත්මන් ජනාධිපතිවරයාට මැදිහත් විය හැකි බව උන්වහන්සේගේ අදහසයි.

එමෙන්ම, බුද්ධාගමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති ප්‍රමුඛතාව සහ බෞද්ධ සංස්කෘතික අනන්‍යතාව පිළිබඳවද මහාචාර්ය හිමියෝ අවධානය යොමු කළහ.

වත්මන් පාලකයන්ගේ ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් බෞද්ධ ජනතාව තුළ පෙර සිට පැවැති සැකයන් තවදුරටත් වර්ධනය වන බවත්, බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීමේ උත්සාහයන් පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවත් උන්වහන්සේ සඳහන් කරති.

මේ අතර, පවතින තත්ත්වය හමුවේ මහනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය වඩාත් ක්‍රියාශීලීව කටයුතු කළ යුතු බවද උන්වහන්සේ අවධාරණය කළහ.

භික්ෂූන් වහන්සේලාගේ ඇතැම් නිහඬ සහ නිෂ්ක්‍රීය ප්‍රතිපත්ති හේතුවෙන් මෙවැනි ගැටලු තවදුරටත් උග්‍ර විය හැකි බවද මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ පෙන්වා දුන්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed