October 22, 2026

“මහින්ද, රනිල් වගේ අයගේ තියෙන පශ්චාත්බාගෙ මයිල් ගහක් තරම්වත් අනුර වටින්නේ නෑ” සුද්දාවත් කෙරුවෙ නැති දෙයක් තමා තබුත්තෙගම මිනිහා කලේ!

0
Sri Lankan Political Press Conference Collage

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

“සුද්දාවත් නොකළ දෙයක් තඹුත්තේගම මිනිහා කළා” යැයි කැලුම් ජයසුමන කියයි!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව පැවැති “ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යුක්තිය ඉටු කරනු” යන තේමාව යටතේ වූ මාධ්‍ය හමුවකදී ආණ්ඩුවට සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව දැඩි විවේචන එල්ල විය.

මෙම මාධ්‍ය හමුවට එක්වූ සමස්ත ලංකා එක්සත් ජාතික සමගි භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වැලිපත ධම්මාරාම හිමියන්, මහජන කේන්ද්‍රයේ සේපාල අමරසිංහ සහ කැලුම් ජයසුමන යන මහත්වරුන් අවධාරණය කළේ, ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගය හුදෙක් එක් භික්ෂූන් වහන්සේ නමකට අදාළ ගැටලුවක් ලෙස නොසැලකිය යුතු බවයි.

“ප්‍රශ්නය තමන්ගේ නොවන තුරු බලා සිටීම නොවෙයි කළ යුත්තේ” – ධම්මාරාම හිමි

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පූජ්‍ය වැලිපත ධම්මාරාම හිමියන් චෝදනා කළේ, වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් බුදුදහම සහ බෞද්ධ ශාසනය දැඩි අවදානමකට මුහුණ දී ඇති බවයි.

“අද වෙද්දී නිරාගමිකයන් පිරිසක් නිසා බුදුදහම පිරිහෙමින් තිබෙනවා. මේ ආණ්ඩුව තමයි ඒකට හේතුව. ගිහි පැවිදි අපි හැමෝම එකතු වෙන්න ඕනෑ. අපි පාඩුවේ හිටියොත් බුද්ධ ශාසනයටත්, බුද්ධ චීවරයටත් විශාල විනාශයක් සිදුවෙනවා.”

මෙවැනි තත්ත්වයක් හමුවේ කුඩා භික්ෂූන් වහන්සේ නමක් හෝ මහානායක හිමිනමක් වුවද ඉදිරියේදී සමාන ගැටලුවකට මුහුණ දිය හැකි බවට උන්වහන්සේ අනතුරු ඇඟවූහ.

“ප්‍රශ්නය මගේ නොවන තුරු බලා සිටීම නෙවෙයි කළ යුත්තේ. ශාසන හිතකාමී ජනතාව එකට එකතු වෙන්න ඕනෑ. අද පේනවා ඥානසාර හාමුදුරුවන්ට වෙලා තියෙන දේ.”

එමෙන්ම වත්මන් තත්ත්වය ඇතිවීමට ඇතැම් පාර්ශ්වයන්ගේ පෙර ක්‍රියාකලාපයන් ද බලපා ඇති බව සඳහන් කළ ධම්මාරාම හිමියෝ, “මතක තබාගන්න, මුට්ටි දාන්න ගිහිල්ලා තමයි මෙච්චර ප්‍රශ්නයක් ඇති වුණේ” යනුවෙන් ද ප්‍රකාශ කළහ.

පාර්ලිමේන්තුවේ සිටින දේශපාලනඥයකු බොදුබල සේනාව සහ රාවණා බලය පිළිබඳව කර ඇති බව කියන ප්‍රකාශයක් ද උන්වහන්සේගේ දැඩි විවේචනයට ලක්විය.

“පාර්ලිමේන්තුවේ ඉන්නවා හේවගේ කියලා කෙනෙක්. එයා අහනවා බොදුබල සේනාව කෝ, රාවණා බලය කෝ කියලා. බලනකොට මේ මහින්දගේවත් රනිල්ගේවත් පශ්චාත්භාගයේ මයිල් ගහක් තරම්වත් වටින්නේ නෑ.”

මෙහිදී හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සමඟ වත්මන් පාලනය සංසන්දනය කරමින් උන්වහන්සේ මෙම දැඩි ප්‍රකාශය සිදු කළහ.

“ජනාධිපති නීතිය ක්‍රියාත්මක කරන්නේ තෝරාගත් පුද්ගලයන්ට පමණක්ද?” – සේපාල අමරසිංහ

මාධ්‍ය හමුවට එක්වූ මහජන කේන්ද්‍රයේ සේපාල අමරසිංහ මහතා චෝදනා කළේ, ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ තීරණය බෞද්ධ සංස්කෘතියට එරෙහි පළිගැනීමක් ලෙස සැලකිය හැකි බවයි.

“අපි අද කතා කරන්නේ මේ බෞද්ධ සංස්කෘතියෙන් පළිගැනීමක් කරන නිසයි. ඇයි මේ වගේ වැඩ කරන්නේ? ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගලවන එක ගැන විවිධ පුද්ගලයන් කතා කරනවා අපි දැක්කා.”

නීතිය ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුව දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට ද ඔහු චෝදනා කළේය.

“අපට හිතෙනවා ජනාධිපතිවරයා නීතිය ක්‍රියාත්මක කරන්නේ තෝරාගත් පුද්ගලයන්ට පමණක්ද කියලා. ජනාධිපතිවරයාගේ පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ඉබ්‍රාහිම්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ.”

මෙම චෝදනාවට අදාළ නිශ්චිත සිද්ධියක් හෝ නීතිමය තත්ත්වයක් ඔහුගේ ප්‍රකාශයෙන් පැහැදිලි නොවන අතර, එය ඔහු විසින් ඉදිරිපත් කළ චෝදනාවක් බව සඳහන් කළ යුතුය.මීට පෙර ඥානසාර හිමියන් බන්ධනාගාරගත කළ අවස්ථාවකදී උන්වහන්සේගේ චීවරය ඉවත් නොකළ බවට හිටපු අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කර තිබූ බව ද අමරසිංහ මහතා සිහිපත් කළේය.

“සුද්දාවත් නොකළ දෙයක් තඹුත්තේගම මිනිහා කළා” – කැලුම් ජයසුමන

මහජන කේන්ද්‍රයේ කැලුම් ජයසුමන මහතා ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉලක්ක කරගනිමින් දැඩි විවේචනයක් එල්ල කළේය.

“සුද්දාවත් නොකළ දෙයක් තමයි මේ තඹුත්තේගම මිනිහා කළේ.”

බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ පවා සිදු නොකළ ක්‍රියාවක් වත්මන් පාලනය යටතේ සිදුව ඇති බවට චෝදනා කරමින් ඔහු එම ප්‍රකාශය කළේය.ඥානසාර හිමියන්ගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට විරෝධය දැක්වීම සඳහා ආගමික හෝ ජාතික භේදයකින් තොරව ජනතාව එක්විය යුතු බව ද ඔහු පැවසීය.

ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වයට එරෙහිව ඔක්තෝබර් 15 වැනිදා ජනතාව එක්රැස් විය යුතු බවට ද මාධ්‍ය හමුවේදී කැඳවීමක් සිදු කෙරිණි.ධම්මාරාම හිමියන් කොළඹට එක්වන ලෙස ඉල්ලා සිටි අතර, කැලුම් ජයසුමන මහතා කඩවතට පැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

“මේ රටේ සිංහල ජනතාවට වගේම අනෙකුත් ජාතීන්ට සහ ආගම්වලට අයත් ජනතාවටත් අපි කියනවා හෙට කඩවතට එන්න කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed