October 22, 2026

හරිනී යන්නේ මොන පාරේ? විජයනායක ගිය පාරේ!

0
Diverging Paths_ Politics at a Crossroads

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

2016 විජයනායක කමිටු වාර්තාව යළි කරළියට! අගමැති හරිනීගේ භූමිකාව ගැනත් ප්‍රශ්න! සුරේෂ් සලේ රඳවා තැබීම පිටුපස කාගේ කැමැත්තදැයි ජාතික ගුරු ව්‍යාපාරය විමසයි!

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාව මඟින් බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය සහ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා රජයට පැවරී ඇති ව්‍යවස්ථාපිත වගකීම වත්මන් ආණ්ඩුව නිසි ලෙස ඉටු කරන්නේද යන්න සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතුව ඇති බව ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

බෞද්ධ භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනය, 2016 වසරේ ඉදිරිපත් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා සහ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා රඳවා තබා ගැනීම යන කරුණු එකිනෙකට සම්බන්ධ කරමින් ඔහු වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර තිබේ.

විශේෂයෙන්ම, වත්මන් අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය සහ ජාතික ජන බලවේගයට සම්බන්ධ ලාල් විජයනායක මහතා සම්බන්ධ වූ බව ඔහු පවසන 2016 වසරේ කමිටු වාර්තාවකින් ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් බවට පත් කිරීමට නිර්දේශ ඉදිරිපත් කර තිබූ බවටද බෝදරගම මහතා චෝදනා කරයි.

“මේක බොහොම පැහැදිලිව මතක් කරන්න ඕනේ, මේක විජයනායක කමිටු වාර්තාව කියලා තමයි හැඳින්නුවේ. ඔය ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ ඉන්න ලාල් විජයනායක සහ අද රටේ දෙවෙනි පුරවැසියා වන එහෙම නැත්නම් අගමැතිතුමිය වන හරිනී අමරසූරිය මැතිනිය සහභාගී වුණු කමිටුවක්. එතකොට ඒකෙදී මේකේ පැහැදිලිව නිර්දේශ දීලා තියෙනවා “අනාගමික රාජ්‍යයකට සුදුසු නව ජාතික ධජයක් නිර්මාණය කරන්න ඕන” කියන කාරණය. මේ කියන්නේ 2016 දී. ඒ විතරක් නෙවෙයි, ව්‍යවස්ථාවේ දෙවෙනි පරිච්ඡේදයේ “බුද්ධාගම” නොව “ආගම්” යනුවෙන් වෙනස් විය යුතු අතර… බුද්ධාගම නෙවෙයි ‘ආගම්’ කියලා වෙනස් වෙන්න ඕනලු. ඒ විතරක් නෙමෙයි, මේකේ ඊළඟට කියනවා ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතුයි කියලා. මේ කියන්නේ 2016 මේ කමිටු වාර්තාව.

එතකොට දැන් මේ කියපු නෝනලා අද කොහෙද ඉන්නේ? එදා වෙන රජයක් යටතේ මේ කමිටුව නියෝජනය කළාට අද එතුමිය තමයි අපේ රටේ දෙවෙනි පුරවැසියා. එතකොට අද දැන් ඇල්ලූ වතුරත් නිවාගෙන මොනවා ගාන්නද ඉන්නේ එතුමිය? එතුමිය දැන් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක්… එතුමිය ඉන්නවද නැද්ද දන්නේ නැහැ මේ මෑත කාලේ. මොකද එතුමියට අවශ්‍ය වැඩේ, එතුමියට පවරපු වැඩේ, එතුමියට ජාත්‍යන්තරයෙන් පවරපු වැඩේ දැන් රටේ ඉතා වේගයෙන් වෙමින් යනවා. ඉතින් එතුමියට කතා කරන්න දෙයක් නැහැ, එතුමිය බොහොම නිදහසේ සතුටු වෙමින් ඇති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදෙන අතර බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීම රජයේ වගකීමක් ලෙස පිළිගනී. එමෙන්ම අනෙකුත් ආගම්වලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 සහ 14(1)(ඉ) ව්‍යවස්ථාවලින් සහතික කර ඇති අයිතිවාසිකම්ද සුරක්ෂිත කළ යුතුය.

ඉතින් ඒක හින්දා අපි මතක් කරන්න ඕන අපේ රටේ “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියේ” ඉතා පැහැදිලිව කියලා තියෙනවා “ශ්‍රී ලංකා ජනරජය ප්‍රමුඛස්ථානය දෙනු ලබන්නේ බුද්ධාගමට. ඒ අනුව රජය විසින් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ සහ සුරක්ෂිත කිරීම තම වගකීමක් ලෙස භාර ගනී. ඒ අතරම රාජ්‍යය විසින් සියලු ආගම්වලට අනුග්‍රහය දෙනු ලබන අතර සියලු ආගම්වලට සමානව ක්‍රියා කරනු ඇත.” දැන් ඔය කියන විදිහට ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රමුඛස්ථානය දෙනු ලබන්නේ බුද්ධාගමට නම්, එතකොට බෞද්ධ ආගමේ සංකේතයක් තමයි චීවරය. එතකොට චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගනිද්දී මීට වඩා ඉතාම සැලකිලිමත්ව පියවර ගත යුතුයි. එහෙම වෙලා නැහැ කියන කාරණය තමයි පැහැදිලි කරන්න වෙන්නේ.

ඒ අතරවාරයේ අපි දකිනවා ජනාධිපතිතුමා කියනවා “නෑ අපේ හාමුදුරුවනේ, මට බැහැ මගේ කැමැත්ත නීතිය බවට පත් කරන්න. ඒක නිසා මම කමිටුවක් පත් කරනවා” එහෙම කියලා. එතකොට අපි අහනවා ඔබතුමා අර කබරගොයා තලගොයා කරගත්තට කන්න ඕන වුණාම, එතකොට කාගේ කැමැත්තටද අර අපේ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මැතිතුමාව අධිකරණයට ඉදිරිපත් නොකර ඩියෝ ගහලා දැන් දින 180කට වඩා වැඩි කාලයක් රඳවාගෙන ඉන්නේ? ඒක කාගේ කැමැත්ත මත සිද්ධ වෙච්ච දෙයක්ද? දැන් ඔබතුමා කියන විදිහට ඔබතුමාගේ කැමැත්ත මත නෙවෙයි නම් මේ දේවල් සිද්ධ වෙන්නේ, එතකොට මේ රටට එරෙහි බලවේගවල කැමැත්ත මතද මේවා සිද්ධ වෙන්නේ? එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවට අවශ්‍ය විදිහටද? එහෙම නැත්නම් මුස්ලිම් අන්තවාදී කල්ලිවලට ඕන විදිහටද? එහෙමත් නැත්නම් ක්‍රිස්තියානි අන්තවාදී කල්ලිවලට ඕන විදිහටද මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා අපිට ප්‍රශ්න කරන්න වෙනවා. ඒක නිසා ඔබතුමාට එවැනි ප්‍රකාශ කරලා මේ වගකියයුතු කාරණයෙන් බැහැර වෙන්න බැහැ කියන කාරණය අපි ඕනකමින් කියනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed